lan englan tam

පුවත්

සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් අභාවප්‍රාප්ත වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇමරිකානු රංගන පුරාවෘත්තයක් ලෙස සැලකෙන සුපිරි නළු රොබට් රෙඩ්ෆර්ඩ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

Butch Cassidy, the Sundance Kid.. වැනි 70 දශකයේ නිර්මාණය වූ ඇමරිකානු චිත්‍රපට හරහා ඔහු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයක් අත්කර ගැනීමට සමත් වූවා.

මිය යන විට ඔහු 89 වන වියේ පසු විය.

රොබට් රෙඩ්ෆර්ඩ් අද (16) දිනයේ අමෙරිකාවේ, සන්ඩාන්ස් හි යුටා කඳුකරයේ පිහිටි  ඔහුගේ නිවසේදී මිය ගිය බවයි  වාර්තා වන්නේ.

රංගන ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුද වූ ඔහු විසින් 1980 වර්ෂයේදී අධ්‍යක්ෂණය කළ ‘Ordinary People’ චිත්‍රපටය 1981 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන හතරක් ජයග්‍රහණය කිරීමට සමත් වූවා.

එමෙන්ම රොබට් රෙඩ්ෆර්ඩ් වාඩාත් ජනප්‍රියත්වයට පත් වීමට තවත් හේතුවක් වූයේ යුටා හි සන්ඩාන්ස් චිත්‍රපට උළෙල (Sundance Film Festival) ආරම්භ කිරීමට පුරෝගාමී වූ නිසායි. එය වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විශාලතම ස්වාධින චිත්‍රපට උළෙල ලෙස සැළකෙනවා.

ඔහු 2018 දී රංගනයෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළ අතර, 2016 දී ඔහු "රංගනයෙන් වෙහෙසට පත්ව සිටින" බව සදහන් කොට තිබෙනවා.

kemadasa

shungara

Back to top
Go to bottom