ශ්‍රී ලාංකීය තරුණ චිත්‍රපට අධ්‍යක්ෂකවරියක වන නවයූගා කුහරාජා විසින් අධ්‍යක්ෂණය කළ ‘Bommai’ (An Island Story) දමිළ චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා කොළඹ, One Galle Face mall හි පිහිටි PVR සිනමාශාලාවේදී පැවැත්වුණා.
මෙම අවස්ථාවට චිත්‍රපටයේ නළු නිළියන්, නිෂ්පාදන කණ්ඩායම ඇතුළු තවත් කලාකරුවන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වී සිටියා.
‘Bommai’ (An Island Story) දමිළ චිත්‍රපටය චිත්‍රපටය එළඹන සැප්තැම්බර් 19 වනදා සිට (සිංහල උපසිරස සහිතව) දිවයින පුරා සිනමාශලා වලදී තිරගත වීමට නියමිතයි.
මෙම චිත්‍රපටය පශ්චාත් යුධ කාලීන තේමාවක් අන්තර්ගත වන මනෝවිද්‍යාත්මක නාට්‍ය (Psycological Drama) වර්ගයේ චිත්‍රපටයක් ලෙස හැදින්විය හැකියි.
මෙහි අධ්‍යක්ෂිකාව වන නවයූගා කුහරාජා උතුරේ යුද්ධය පිළිබඳව ඇය අත්විදී ඛේදනීය, සත්‍ය අත්දැකීම් මත පදනම් වෙමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න>>
සිංහල හා දමිළ රංගන ශිල්පීන් සහ නිෂ්පාදන ශිල්පීන් රැසකගේ සුසංයෝගයෙන් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනියක වන යශෝධා රසඳුනී සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරිය මෙන්ම ප්‍රමුඛ දමිළ රංගන ශිල්පිනියක ද වන නවයූගා කුහරාජා එක්වෙනවා.
‘Bommai’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණයෙන් මදුනි අලහකෝන් පුස්සවෙල ද, චිත්‍රපටයේ සංස්කරණය මරුති කේ. (Maruthi.K) විසින්ද, එම්. රජිනිකාන්ත් (M.Rajinikanth) සංගීත අධ්‍යක්ෂණයෙන්ද, අරුණ ඩයස් කලා අධ්‍යක්ෂණයෙන්ද, මදාරා ගොඩගේ අංග රචනයෙන්ද, විශේෂ ශබ්ද ප්‍රයෝග - සී. සේතු (C. Sethu) විසින් ද, ශබ්ද මිශ්‍රණය- සී කේ බූපති රාජා විසින් ද (CK.Boopathi Raja), Line Producer ලෙස විකී (Vicky)ද කටයුතු කර තිබෙනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ IBC TAMIL වෙනුවෙන් බාස්කරන් කන්ඩයියා (Baskaran Kandiah) විසිනි.
මතු දැක්වෙන්නේ පසුගියදා(14), PVR සිනමාශාලාවේදී පැවති චිත්‍රපටයේ මංගල දර්ශනයේ විශේෂ අවස්ථා කිහිපයක්.
ඡායාරූප - ‘Shifter Photography’ සහ ‘Charuka Perera Photography’
https://mirrorarts.lk/news/11666-bommai-an-island-story#sigProId119f5edd90




