lan englan tam

පුවත්

මීළඟ සුමති සම්මාන උළෙල පවත්වන දිනය ප්‍රකාශයට පත් කෙරේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පුංචි තිරයේ අසිරිමත් කලා මංගල්‍යය ලෙස සැලකෙන සුමති සම්මාන උළෙලේ 31 වන දිගහැරුම, 2026 වර්ෂයේ ජූලි 15 වැනි දා සිදුවන බව සුමති සම්මාන උළෙලේ සභාපති තිලංග සුමතිපාල ඊයේ (17) දිනයේ මාධ්‍යට නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා.

ඒ, සුමති සම්මාන විනිසුරු මඩුල්ලේ සභාපති සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක ද සමගින් කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

සුමති සම්මාන උළෙලක් අවසන් වූ වහාම ඊළඟ සම්මාන උළෙල පවත්වන දිනය පිළිබඳව සියලුම කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ රූපවාහිනී නාලිකා විමසිලිමත් වන බවත්, ඒ පිළිබඳව නිතර විමසීම් කරන බවත් පැවසූ සුමතිපාල මහතා කියා සිටියේ, ඊළඟ වර්ෂයේ සුමති සම්මාන උළෙල සඳහා කල් ඇතුව සූදානම් වීමටත්, සම්මාන බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාට තමන්ගේ නිර්මාණ ජූරිය වෙත ලබා දීමටත් දැන් කාලය ඇති බවයි.

එමෙන්ම මෙම අවස්ථාවේදී  2025 සුමති සම්මාන උළෙලේ නරඹුම්වාර පිළිබඳ වාර්තාවක්ද මාධ්‍ය වෙත ලබා දීමට සභාපතිවරයා කටයුතු කළා.

සුමති සම්මාන උළෙලේ ජූරි සභාපති සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක සුමති සම්මාන උළෙලේ ඇති විනිවිදභාවය සහ ස්වාධීනත්වය පිළිබඳ මෙහිදී  කරුණු පැහැදිලි අතර, සලකා බැලීම සඳහා ජූරිය වෙත නිර්මාණ හෝ වැඩසටහන් එවීමේදී ඇතැමුන් කරන වැරදි පෙන්වා දෙමින්, ඒවා නිවැරදි කරගත යුතු ආකාරයද පෙන්වා දෙනු ලැබුවා.

ඒ අනුව 2026 ජූලි 15 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී  31 වන සුමති සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු යෙදෙනු ඇති.

 

549104640 1248655617295389 1271178413143299428 n

548022239 1248656067295344 6238235292716798483 n

මූලාශ්‍රය - (‘Sumathi Awards’ නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

shungara

Back to top
Go to bottom