lan englan tam

පුවත්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2025 : හොඳ ම නවකතාව ලෙස චන්ද්‍රරත්න බණ්ඩාර ගේ ‘පියාසර සමය’ පිදුම් ලබයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මා­ණ­ක­ර­ණ­යෙන් සුපෝ­ෂ­ණය කළ සාහි­ත්‍ය­ධ­ර­යන් සම්මා­න­යෙන් පිදෙන 68 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය(2025), ඊයේ (18) පස්වරුවේ අග්‍රාමාත්‍ය හරිනි­ අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ අර­ලි­ය­ගහ මන්දි­ර­යේදී පැවැත්වුණා.

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී  හොඳම ස්වතන්ත්‍ර නව­ක­තාව ඇතුළු සම්මාන 50ක් ප්‍රදා­නය කරනු ලැබිණි.

මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේදි ශ්‍රී ලංකාවේ සාහිත්‍යවේදියකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනමන   රාජ්‍යයේ ඉහළම සාහිත්‍ය සම්මානය වන ‘සාහිත්‍ය රත්න සම්මානයෙන් ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධර ආචාර්ය සෝමරත්න බාලසූරිය (සිංහල), ප්‍රවීණ සාහිත්‍යවේදී එම්.ඒ. අල් අසුමත් (දෙමළ), ප්‍රවීණ සාහිත්‍යවේදිනී ප්‍රේමිනී අමරසිංහ (ඉංග්‍රීසි) පිදුම් ලැබිණි.

 

හොඳ ම ස්වතන්ත්‍ර නවකතාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචිත ‘පියාසර සමය’  කෘතියයි.

හොඳ ම ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහය ලෙස නිශ්ශංක විජේමාන්න විසින් රචිත ‘නන්පේරියල්’ කෙටිකතා සංග්‍රහය සම්මානයෙන් පිදුම් ලැබීය.

හොඳ ම ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහය ලෙස තරින්ද්‍ර ගලහේන විසින් රචිත ‘මේ වැහුණු දොර ජනෙල් කොතරම් ශෝකජනකද?’ කෘතිය සම්මානයෙන් පිදුම් ලැබීය.

 

හොඳ ම පරිවර්තිත නවකතාව ලෙස, ගාමිණී වියන්ගොඩ විසින් පර්වර්තනය කරන ලද, ‘දොන් කිහොතේ’ කෘතිය සම්මානයෙන් පිදුම් ලැබීය.

හොඳ ම පරිවර්තිත කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ටියුඩර් අමරසේන විසින් පර්වර්තනය කරන ලද ‘ෂෝන් පෝල් සාත්‍රෙගේ පවුර ඇතුළු ශ්‍රේෂ්ඨ කෙටිකතා’ කෘතිය‍යි.

හොඳ ම පරිවර්තිත යොවුන් සාහිත්‍ය ග්‍රන්ථය ලෙස  මහින්ද සෙනරත් ගමගේ පර්වර්තනය කරන ලද ‘ෆේද්යා මාමා සහ යහළුවෝ’ කෘතිය සම්මානයෙන් පිදුම් ලැබීය.

හොඳ ම පරිවර්තිත නාට්‍ය පිටපත ලෙස, ඉන්ද්‍රානි රත්නසේකර පර්වර්තනය කරන ලද “ෆෙදෙරිකෝ ගර්සියා ලොර්කාගේ නාට්‍ය තුනක්”  පිටපත සම්මානයෙන් පිදුම් ලැබීය.

 හොඳ ම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය ග්‍රන්ථය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ තිඹිරියාගම බණ්ඩාර විසින් රචිත ‘රෝස මල් කුමාරයා’ කෘතියයි.

 

හොඳ ම ස්වතන්ත්‍ර ගීත කෘතිය ලෙස අසංක රුවන් සාගර විසින් රචිත “සඳ එළිය වහිනවා මේ”  කෘතිය සම්මානයෙන් පිදුම් ලැබීය.

හොඳ ම ස්වතන්ත්‍ර ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය ලෙස සුනන්දා ප්‍රේමසිරි විසින් රචිත “ජනශ්‍රැති අධ්‍යයන විධික්‍රම සහ ක්‍රමවේද”  කෘතිය සම්මානයෙන් පිදුම් ලැබීය.

හොඳ ම සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ සංස්කරණය ලෙස මහව ඤාණාලෝක හිමි විසින් සංස්කරණය කරන ලද “විනයත්ථදීපනී නම් මාතිකාට්ඨකථා ව්‍යාඛ්‍යානය (තෘතිය භාගය)” කෘතිය සම්මානයෙන් පිදුම් ලැබීය.

හොඳ ම ස්වතන්ත්‍ර සාහිත්‍ය විචාර ග්‍රන්ථය ලෙස  ජිනදාස දනන්සූරිය විසින් රචිත  “සිංහල කෙටිකතාවේ ජී. බී. සේනානායක භූමිකාව” කෘතිය සම්මානයෙන් පිදුම් ලැබීය.

හොඳ ම පරිවර්තිත ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය ලෙස රළුවේ පද්මසිරි හිමි හා ඩී. ඩී. සේනාධීර විසින් පරිවර්තනය කරන ලද “බුදුසමය සහ දේශපාලන න්‍යාය” කෘතිය සම්මානයෙන් පිදුම් ලැබීය.

හොඳ ම පරිවර්තිත විවිධ විෂයයික ග්‍රන්ථය ලෙස ආරියවංශ හෙට්ටිආරච්චි විසින් පරිවර්තනය කරන ලද, “භෛෂජ්‍යරත්නාවලී”කෘතිය සම්මානයෙන් පිදුම් ලැබීය.

එමෙන්ම,

හොඳ ම නිමාවෙන් හා පිටු සැකැස්මෙන් යුතු ග්‍රන්ථය ලෙස ,Prof. Gunapala Malalasekara කෘතිය වෙනුවෙන් තොටපොළ මුද්‍රණායතනයේ හර්ෂ ගයාන් ද

හොඳම පිටකවර නිර්මාණය වෙනුවෙන් ‘මතක මල් පැස’ පිටකවර නිර්මණය කළ සුසන්ත මූණමල්පෙ ද,

සම්මානයෙන් පිදුම් ලැබීය

..............................

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරනු ලබන්නේ බුද්ධ­ශා­සන අමා­ත්‍යාං­ශය, සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලය හා රාජ්‍ය සාහිත්‍ය අනු­ම­ණ්ඩ­ලය එක්වයි.

kemadasa

shungara

Back to top
Go to bottom