lan englan tam

පුවත්

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ “මැයි මාර ප්‍රසංගය” ඉඟුරු මල් වර්ණ රිදීතිර සිතුවම ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"ලෝකේ හැම කෙනෙක් ම කන්දක් තරණය කරන්න ඕනි, ඒත් කවදාවත් ම, කවුරුවත් ම කන්දක් මුදුනක තනිකරන්න හොඳ නෑ..."

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ අතිශය ජනප්‍රිය “මැයි මාර ප්‍රසංගය” නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ සිනමා නිර්මාණය ‘මැයි මාර ප්‍රසංගය’ (ඉඟුරුමල් වර්ණ රිදීතිර සිතුවම) ළඟදීම තිර ගත විමට නියමිත බව නිවේදනය කොට තිබෙනවා.

රොශාන් රවීන්ද්‍ර, උමාලි තිලකරත්න සහ සේවියර් කනිෂ්ක, ශ්‍රියානි අමරසේන, විශ්වජිත් ගුණසේකර, රූපා පතිරණ, යශෝධා රසඳුනි, ප්‍රියංකා සමරවීර... ඇතුළු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වනවා.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට ඇත්තේ ද මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් විසින්මයි.

චිත්‍රපට නිෂ්පාදනය කළේ කුමාරි පණ්ඩිතරත්න විසින් වන අතර KP Films ඉදිරිපත් කිරීමක් වනවා.

ඉතින් නුදුරේදීම ‘මැයි මාර ප්‍රසංගය’ (ඉඟුරුමල් වර්ණ රිදීතිර සිතුවම) ඔබට ළඟම සිනමාහලේදී නැරඹීමට අවස්ථාව උදා වනු ඇති.

 

547770415 24712680345050761 1676213615915282622 n

kemadasa

shungara

Back to top
Go to bottom