මේ වන විට දිවයින පුරා සිනමාශාලා වලදී ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වන “මදර් ලංකා“ චිත්‍රපටය දෙමළ භාෂාවෙන් හඬකවා ඉන්දියාව තුල ද ප්‍රදර්ශනය කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් බව වාර්තා වෙනවා.
මෙහි දෙමළ භාෂාවෙන් හඬකැවීමේ සම්බන්ධීකරණය අරූල් හා සතීෂ් විසින් සිදුකර තිබෙන අතර චිත්‍රපටයේ සෑම චරිතයක් සඳහාම ඉන්දියාවේ ප්‍රකට හඬ නළුවන් සිය දායකත්වය ලබාදීම විශේෂත්වයක්.
ඒ අනුව සිංහල චිත්‍රපටයක් හඬකවා දකුණු ඉන්දීය සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙය ලෙස හැදින්විය හැකියි.
ඉන්දියාව තුල මෙහි බෙදාහැරීම් උපදේශකත්වය සපයන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් විසිනි.
“මදර් ලංකා” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අනුෂ සංජීව එදිරිමුණි විසින් වන අතර චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඉෂාන් පෙරේරා විසින්.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ (18) දිනයේ කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වුණු අතර එහිදී මදර් ලංකා නිෂ්පාදක ඉෂාන් පෙරේරා, විධායක නිෂ්පාදක චන්ද්‍රන් රත්නම් සහ අධ්‍යක්ෂ අනුෂ සංජීව එදිරිමුණි අදහස් පළ කරනු ලැබුවා.
“මදර් ලංකා” චිත්‍රපටයයේ දෙමළ භාෂාවෙන් හඩ කවන ලද නවතම පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්>>




