lan englan tam

පුවත්

ආදරයේ නොකියවූ පරිච්ඡේදය “නීරා” දැන් දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආදරයේ නොකියවූ පරිච්ඡේදය නීරා” නවතම සිංහල චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලා වලදී දැන් තිරගත වෙනවා.

චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කරනු ලැබුවේ ඊයේ(19) දින සිටයි.

‘නිරා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ‘ආදරණීය ප්‍රාර්ථනා’, ‘විසල් ආදරේ’ වැනි ආදරණීය චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට තිළිණ කල වාසව බදුගේ විසිනි.

ශනුද්‍රි ප්‍රියසාද්, කසුනි කාවින්දි, සෙනිත් ගජවීර, පියුමාලී එදිරිසිංහ... මෙහි ප්‍රධාන චරිත සදහා රංගනයෙන් එක්වෙනවා.

‘නීරා’ චිත්‍රපටයේ තිර පිටපත සම්මානනීය ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ විසින් රචනා කළ අතර මෙහි සංගීත අධයක්ෂණය යසස් මැදගෙදර විසිනි.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ලාලින්ද විජේවික්‍රම සහ හිරුණි සිතාරා බදුගේ විසින්.

දැන් සිට ප්‍රේක්ෂක ඔබට ළඟම සිනමා ශාලාවේදී නීරා” චිත්‍රපටය නරඹන්නට එක් විය හැකියි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ නවතම ගීතය නරඹන්නට පිවිසෙන්න පහතින්>>

 

 

kemadasa

shungara

Back to top
Go to bottom