lan englan tam

පුවත්

දංකොටුව ‘නීලා’ සිනමා ශාලාව ‘ලයිට් සිනෙමාස් දංකොටුව (නීලා)’ ලෙසින් නැවත විවෘත වෙයි!!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය කොවිඩ් සමයේ වැසී ගිය මෙරට සිනමා ව්‍යාපාරයේ දිගු ඉතිහාසයක් සහිත සිනමා ශාලාවක් වූ දංකොටුව - ‘නීලා’ සිනමා ශාලාව ‘ලයිට් සිනමා’  සිනමා හල් සමූහයේ නවතම සිනමා ශාලාව ලෙස නැවත පුනර්ජීවනය කොට විවෘත කිරීමට movie works සමාගම පසුගියදා කටයුතු කරනු ලැබුවා.

“ Neela by Lite Cinemas – 3D Dankotuwa” යන නමින්.

3D තාක්ශණය සහිත, පූර්ණ වායු සමනය කළ, DOLBY 5.1 ශබ්ධ පද්ධතියකින් යුත්, විශාල පුළුල් තිරය සහ සැප පහසු ආසන 170 ට අධික ප්‍රමාණයකින් යුත් අංග සම්පූර්ණ සිනමා ශාලාවක් ලෙසයි මෙවර එය වයඹ පුරවරයේ සිනමා ප්‍රේක්ෂකයන් වෙත නැවත හිමිවන්නේ.

මෙහිදී නවතම ලාංකීය, බොලිවුඩ්, හොලිවුඩ් චිත්‍රපට නවීන තාක්ෂණය සහිතව සුවපහසුව නරඹන්නට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි වනවා.

‘මෙම ‘ලයිට් සිනෙමාස් දංකොටුව (නීලා)’ නවතම සිනමා ශාලාව ‘ලයිට් සිනමා’ සිනමා හල් සමූහයේ 13 වන සිනමා ශාලාව වන අතර 2011 වර්ෂයේ මැයි 13 වනදා කොල්ලුපිටිය ලිබර්ටි සිනමාශාලාවෙන් ආරම්භ කළ ප්‍රදර්ශන ක්‍රියාවලිය මේ විට සිනමා ශාලා 13 ක් දක්වා ව්‍යාප්ත වී තිබීම විශේෂත්වයක්.

‘ලයිට් සිනමා’ සිනමා හල් සමූහයේ හිමිකාරීත්වය දරන්නේ movie works සමාගම විසින් වන අතර  මේ වන විට වසර 15 කට වැඩි කාලයක් තිස්සේ සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඔවුන් විසින් සිදු කරනු ලබන කාර්ය භාරය ප්‍රශංසනීයයි.

විශේෂයෙන්ම පසුගිය කොවිඩ් 19 වසංගතයෙන් පසු සිනමා ශාලා නැවත විවෘත කිරීමේ ලා movie works සමාගම සුවිශේෂී කාර්යභාරයක් සිදු කළේ නවතම සිනමා ශාලා තුනක් විවෘත කරමින්.

එමෙන්ම ප්‍රථම වරට මෙරටට mini සිනමා කර්මාන්තය හඳුන්වා දීමට කටයුතු කළේ ද movie works සමාගම විසිනි.

 

මතු දැක්වෙන්නේ පසුගියදා පැවති සිනමා ශාලාව නැවත ආරම්භ කිරීමේ උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක්.

View the embedded image gallery online at:
https://mirrorarts.lk/news/11681-3d-2#sigProId0425cf9ac3
 

kemadasa

shungara

Back to top
Go to bottom