ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අංග රචන ශිල්පී තාරක අධිකාරි සමගින් ළමා ලෝකයේ ජනප්‍රිය චරිතයක් වන ආචාර්යඋපුල් වීරසිංහ (උපුල් මාමා) සම අධ්‍යක්ෂණයෙන් ළමා පරපුර වෙනුවෙන්ම නිර්මාණය වූ නවතම සිනමා නිර්මාණය “සිහින සරුංගල්”,
ලෝක ළමා දිනයට සමගාමීව හෙට (සැප්තැම්බර් 26) සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.
චිත්‍රපටයේ කතාවට පාදක වන්නේ මව්පියන් අහිමිව සිය සීයා සමග දිවි ගෙවන “සිතුම්” නැමැති දරුවෙකුගේ කතාවයි. යහපත් චර්යාවන්ගෙන්, උසස් පරිකල්පනයෙන් හා අධිෂ්ඨානශීලී උත්සාහවන්ත දරුවෙකු වන සිතුම්, දරිද්‍රතාවයෙන් සහ සමාජ පීඩනයෙන් බැට කමින් යහපත් අනාගතයක් වෙනුවෙන් සිය සිය සීයාගේ ද උපදෙස් පිළිපදිමින් කටයුතු කරයි. මේ ගමනේදී සිදුවන අනපේක්ෂිත සිදු විමක් සමග චිත්‍රපටය ඉදිරියට ගමන් කරයි.
චිත්‍රපටයට රංගනයෙන් සතිස්චන්ද්‍ර එදිරිසිංහ ,හේමසිරි ලියනගේ,රොෂාන් රණවන, ශිරෝමිකා ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, ක්ලීටස් මෙන්ඩිස්, ආනන්ද අතුකෝරළ, ජනක රණසිංහ... වැනි ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පීන් සමඟ,
මෙතික සෙනරත්, ඔමාෂි චාතූර්යා, සස්නිත දෙව්මුතු, ලබිඳි හෙසන්‍යා වීරසිංහ, සිතුම්දි විහස්නා අධිකාරි, සදිනි දිලස්නා අධිකාරි.. ඇතුළු ළමා රංගන ශිල්පීන් රැසක් එක්වනවා.
චිත්‍රපටයේ තිර රචනයත් සනත් භාෂ්වර කරුණාරත්න විසින් වන අතර “සිහින සරුංගල්” චිත්‍රපටය නවීන් රත්නායක නිෂ්පාදනයක්, රෝහණ වන්නිආරච්චි සම නිෂ්පාදනයක්.
අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් මෙම චිත්‍රපටය දරුවන් වෙනුවෙන්ම නිර්මාණය වූ පවුලේ සැමට නැරඹිය හැකි සිනමා නිර්මාණයකි.
(තොරතුරු මූලාශ්‍ර- සිහින සරුංගල් නිල ෆේස්බුක් පිටුව ඇසුරින් සහ ඇන්ටන් ජේ ප්‍රනාන්දු ( Anton J. Fernando) නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි.)
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්>>>




