ලාංකීය සිනමාවට එක්වන නවතම ක්‍රියාදාම චිත්‍රපටයක් වන ‘RAAZ’ හි සමාරම්භක මුහුරත් උළෙල පසුගියදා, කළුබෝවිල ශ්‍රී වෙන්කටේශ්වර මහා විෂ්ණු මූර්ති කෝවිල් පරිශ්‍රයේදී පැවැත්වුණා.
නිමේෂ් එදිරිසිංහ, සප්නා පාදුක්ක, තත්සරණි පියුමි සමගින් පැතුම් රුක්ෂාන් මෙහි ප්‍රධාන චරිත සදහා රංගනයෙන් එක්වන අතර ඊට අමතර්ව දකුණු ඉන්දීය රංගන ශිල්පි වේලරාමමූර්ති, නයෝමි තක්ෂිලා, දුලීකා මාරපන, කුමාරි මුණසිංහ, මීනා කුමාරි, කීර්ති කේ. රත්නායක, ආකාශ් බුද්ධි ඇතුළු ජනකාන්ත නළු නිළියන් රැසක් මිට රංගනයෙන් එක්වනවා.
‘RAAZ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ශේන් ආර්යන් නිලාම් විසින් වන අතර තිර රචනයද ඔහු විසින් සිදු කොට තිබෙනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ 'අශෝක් ෆිල්ම්ස්' වෙනුවෙන්, අශෝක් ජයකොඩි විසිනි.මීට පෙර ඔහු විසින් ‘රෝස ආදරේ’ වැනි චිත්‍රපට සදහා මෙන්ම ‘බැක් සයිඩ්’ වැනි ජනප්‍රිය ටෙලි නිර්මාණ සදහාද නිෂ්පාදන දායකත්වය ලබාදී තිබෙනවා.
චිත්‍රපටයේ කතාවට පසුබිම් වන්නේ ඖෂධ මාෆියාකරුවන් විසින් සමාජගත කරන වෛරසයකට එරෙහිව ප්‍රතික්‍රියා කරන නව ඖෂධයක් වෛද්‍ය අශේන් විසින් සොයාගැනීමත් සමගින්, ඔහු පසුපස හඹාඑන මාෆියාකරුවන් වෛද්‍ය අශේන්ව පැහැරගැනීමකට ලක්කරයි.
ඒ අනුව ආදරය, කුතුහලය, ත්‍රාසය කැටි කොට ගත් නිර්මාණයක් ලෙස ‘RAAZ’ නිර්මාණය වන්නට නියමිතයි.
චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණයෙන් රෙජී සෙල්වරාසා, කැමරාකරණයෙන් අමිල ප්‍රදීප්, සහය අධ්‍යක්ෂණයෙන් අලංක ටී. කළුආරච්චි, කලා අධ්‍යක්ෂණයෙන් ධනංජය අලහකෝන්, අංග රචනයෙන් ආසිරි චතුරංග, ඇඳුම් නිර්මාණයෙන් කෝෂිලා මධුශානි ඇතුළු පිරිස එක්වනවා.
( තොරතුරු - ඇන්ටන් ජේ ප්‍රනාන්දු)










