පසුගිය දිනවල මෙරට අතිශය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වූ ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ ‘වාලම්පුරි හෙවත් හීන හතහමාරක්’ චිත්‍රපටය ඩිජිටල් තිරයේ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වී තිබෙනවා.
ඒ ලංකාවේ වඩාත් ජනප්‍රිය ඇප් එකක් වන ‘හෙළකුරු’ මගින් හඳුන්වාදෙන “හෙළරූ” නවතම ඩිජිටල් සේවාව හරහායි. මෙය නිළ වශයෙන් හඳුන්වා දීම ඊයේ (25) දිනයේදී සිදු වූවා.
ඒ අනුව මෙම “හෙළරූ” ඩිජිටල් සේවය හරහා “වාලම්පූරි” චිත්‍රපටය මෙන්ම ඉදිරියේදී නිකුත් වන නවතම සිනමා නිර්මාණ ද රිදී තිරයේ තිරගත වීමෙන් අනතුරුව මෙම “හෙළරූ” ඩිජිටල් සේවය හරහා නිකුත් කිරීමට ද බලාපොරොත්තු වනවා.
එමෙන්ම අංකුර සිනමා නිර්මාණකරුවන්ට ඩිජිටල් තිරයේම තම නිර්මාණ එළිදැක්වීමට අවස්ථාව ලබාදීමටත් මේ ඔස්සේ අපේක්ෂිතයි.


( මූලාශ්‍රය - හෙළකුරු 'එසැණ' ඇසුරිනි)




