වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කළ “නීරා” චිත්‍රපටය දින 4 ක් තුළ ලැබූ box office ආදායම රුපියල් ලක්ෂ 100 ඉක්මවීමට සමත් වී තිබෙනවා.
චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය (19) දා සිටයි.
මීට පෙරද, වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කළ 'ආදරණීය ප්‍රාර්ථනා' (2022), 'විසල් ආදරේ' (2024) වැනි චිත්‍රපටද ඉහළ ආදායමක් වාර්තා කිරීමට සමත් වූ අතර ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ චිත්‍රපට ලෙස හැදින්විය හැකියි.

‘නීරා’ චිත්‍රපටයේ තිර පිටපත සම්මානනීය ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ විසින් රචනා කළ අතර මෙහි සංගීත අධයක්ෂණය යසස් මැදගෙදර විසිනි.
ජනප්‍රිය රංගන ශිල්පීන් වන ශනුද්‍රි ප්‍රියසාද්, කසුනි කාවින්දි, සෙනිත් ගජවීර, පියුමාලී එදිරිසිංහ... මෙහි ප්‍රධාන චරිත සදහා රංගනයෙන් එක්වනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කළේ ලාලින්ද විජේවික්‍රම සහ හිරුණි සිතාරා බදුගේ විසින්.
ඔබටත් ළගම සිනමා ශාලාවෙදී නීරා චිත්‍රපටය දැන් නැරඹිය හැකියි.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්.




