ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 26 වන වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) පෙ.ව 8.30 ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ මූලිකත්වයෙන් විවෘත විමට නියමිතයි.
ඒ අනුව අද (27) සිට ඔක්තෝබර් 06 දා දක්වා දින 10 ක්, කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා.
ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම පෙ.ව 9.00 සිට ප.ව. 9.00 දක්වා විවෘතව තැබෙනු ඇත.
මෙවර, ප්‍රදර්ශනය විදේශීය ප්‍රකාශන කුටි ඇතුළුව ප්‍රදර්ශන කුටි 500 ක පමණ ප්‍රමාණයකින් සමන්විත වන බවයි වාර්තා වන්නේ.
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස ගොඩගේ ප්‍රකාශන සමාගම කටයුතු කරන අතර, ප්ලැටිනම් අනුග්‍රාහකයින් ලෙස අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ජෙයා බුක්සෙන්ටර්, එම්ඩී ගුණසේන සහ සමාගම, මාස්ටර් ගයිඩ්, රත්න පොත් ප්‍රකාශකයෝ, සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ, සරසවි ප්‍රකාශන සහ සුසර ප්‍රකාශන දායකත්වය දරයි.
එසේම රන් අනුග්‍රාහකයින් ලෙස ඉමාෂි ප්‍රකාශන, නොලේජ් බෑන්ක්, නෙප්චූන් ප්‍රකාශන, සමයවර්ධන ප්‍රකාශන, සතර ප්‍රකාශන සහ වාසනා ප්‍රකාශන කටයුතු කරයි.
මාධ්‍ය අනුග්‍රාහකයින් ලෙස ලංකාදීප පුවත්පත් සමාගම, ජාතික රූපවාහිනිය සහ නෙත් එෆ්එම් කටයුතු කරයි. නිල බැංකු ලෙස මෙවරත් සම්පත් බැංකුව කටයුතු කරන අතර, මකීන් පොත් ආයතනය සත්කාරක අනුග්‍රාහකත්වය දරයි.




