lan englan tam

පුවත්

"Mr. මිසිස්" නොවැම්බර් මාසයේ සිට දිවයින පුරා සිනමා ශාලා වලදී! (Trailer එක මෙන්න)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කලක සිට ප්‍රේක්ෂකයා බලාපොරොත්තුවෙන් සිටි චරිත් අබේසිංහ විසින් අධ්‍යක්ෂණය කළ ‘Mr.මිසිස්’ චිත්‍රපටය, එළඹෙන නොවැම්බර් මස සිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වීමට නියමිතයි.

ඒ අනුව මේ වන විට චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය ද නිකුත් කොට තිබෙනවා.

උද්දික ප්‍රේමරත්න, දිනක්ෂි ප්‍රියසාද්, මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල, මිහිර සිරිතිලක, පහන්දි වල්පිට... ඇතුළු ජනකාන්ත රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

මෙහි තිර පිටපත රචනා කළේ ගිරිරාජ් කෞශල්‍ය විසින්.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මීට පෙර 'කදිර දිව්‍ය රාජ' චිත්‍රපටය නිෂ්පාදනය කළ ආචාර්ය රවී ලියනගේ විසිනි.

ආදරය, සිනහව, දයාව කැටිවූ පිය සෙනෙහසක කතාවක් ඇතුළත් මෙම චිත්‍රපටය පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි සිනමා නිර්මාණයක් ලෙසයි රිදී තිරයට එක්වන්නේ.

චිත්‍රපටයේ පළමු නිළ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්>>

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom