lan englan tam

පුවත්

වසර 10 කට පසු “හෝ ගානා පොකුණ” යළිත් රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාත්‍යන්තර සම්මාන රැසක් දිනූ, එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ට ළමා චිත්‍රපටයක් ලෙස සැලකෙන “හෝ ගානා පොකුණ” / "The Singing Pond"

එළඹෙන ඔක්තෝම්බර් 01 වෙනිදා සිට සීමිත දින ගණනක් සදහා දිවයින පුරා පිහිටි 'ලයිට්' සිනමා ශාලා (Lite Cinemas) වලදී නැවත වරක් තිරගත වෙනවා.

555063775 1208635574642965 8165465739820913831 n 1

 

“හෝ ගානා පොකුණ” චිත්‍රපටය අධ්‍යක්ෂණය හා තිර රචනය කළේ ඉන්දික ෆර්ඩිනැන්ඩු  විසිනි.

ජයලත් මනෝරත්න, ලූෂන් බුලත්සිංහල, තිශාක්‍ය කුමාරතුංග, ආංජලී වික්‍රමසිංහ, අනුසුයා සුබසිංහ, ජගත් චමිල, අමා විජේසේකර, ජයනි සේනානායක, හයසින්ත් විජේරත්න, දයාදේව එදිරිසිංහ, ගීතා කාන්ති ජයකොඩි.... ඇතුළු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් උනා.

මේ සමග දක්ෂ ළමා නළු,නිළියන් 18 දෙනෙකු චිත්‍රපටයට රංගනයෙන් දායක උනා.

චිත්‍රපටයේ සංගීතය දිනේෂ් සුබසිංහ විසින් වන අතර කැමරාකරණය චන්න දේශප්‍රිය විසිනි.

"හෝ ගානා පොකුණ" චිත්‍රපටය 2015 වර්ෂයේදී ප්‍රථම වරට තිරගත විය. 

ඉදිරි තොරතුර  https://web.facebook.com/info.litecinemas     ලයිට් සිනමා නිල ෆේස්බුක් පිටුවෙන් ලබා ගත හැක.

 

kemadasa

shungara

Back to top
Go to bottom