හාස්‍ය රංගනයන් තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් මෙරට ප්‍රවීණ රංගන ශිල්පීන් දෙපළක් වන බන්දු සමරසිංහ සහ රොඩ්නි වර්ණකුල නැවතත් එකම චිත්‍රපටයකින් දැකගැනීමට ළගදීම ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වෙනවා.
ඒ සූරිය අමරසේකර සහ රෝස් ඇන්ජෙලෝ අමරසේකර අධ්‍යක්ෂණය කරන "අත්පුඩි" සිනමා නිර්මාණය හරහායි.
මේ වන විට චිත්‍රපටයේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වි තිබෙන අතර නුදුරේදීම මේ සිනමා නිර්මාණය රිදී තිරයට ගෙන එන්නට සූදානම් බවයි අධ්‍යක්ෂකවරයා සදහන් කරන්නේ.
චිත්‍රපටයට බන්දු - රොඩ්නි ඇතුළුව තාරුකා වන්නි ආරච්චි, විරාජ් පෙරේරා, මධුෂාන් නානායක්කාර, රොඩ්නි ෆ්‍රෙෂර්, කමල් දේශප්‍රිය, චතුර පෙරේරා, සරත් කුලාංග, කපිල සිගේරා, ශිරෝෂී රොමේෂිකා..... ඇතුළු රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.
චිත්‍රපටය ‘පදිරි film production' ඉදිරිපත් කිරීමක්.
ඉතින්, මීට පෙර සිනමාවේ "පීටර් 1" , "My nane is Bandu" චිත්‍රපට තුළින්ද, පුංචි තිරයේ "නාන කාමරේ" "දර ගැරේජ්" වැනි නිර්මාණ හරහාද ඔබ දැකගත් බන්දු - රොඩ්නි සුසංයෝගය නැවතත් ළගදීම "අත්පුඩි" හරහා රිදී තිරයේ දැකගන්නට සූදානම් වන්න.







