ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය නොකරන, ඇමරිකාව තුලදී තිරගත කරන චිත්‍රපට වලට 100% ක බද්ධක් අයකරන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් ප්‍රකාශ කොට තිබෙනවා.
ඒ ඊයේ දිනයේ (29) සිය Truth Social සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ සටහනක් තබමින්.
ඇමරිකානු සිනමා නිෂ්පාදන වෙනත් රටවල් විසින් සොරකම් කරන බවත්, ඒ හේතුවෙන් මෙම පියවර ගන්නා බව ප්‍රකාශකරමින් ඔහු සදහන් කර තිබුණේ,
“ළදරුවෙකුගෙන් රසකැවිලි හොරකම් කරනවා මෙන් අපේ චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපාරය වෙනත් රටවල් සොරකම් කරනවා..” යනුවෙනි.
කෙසේ වෙතත් මෙය සිදු කරන දිනයක් හෝ සිදුකරන ආකාරය පිළිබඳව තවමත් නිශ්චිත පැහැදිලි කිරීමක් සිදු කොට නොමැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.




