(2024) ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී එහි කිරුළ දිනු දකුණු අප්‍රිකානු ජාතික Tshego Gaelae (ෂෙගෝ ගලේ) දිවයිනට පැමිණියා.
අද (30) දින සිට ඔක්.02 දා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ 2025 (Mrs. SriLanka World) තරගාවලියේ අවසන් අදියරේ ප්‍රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීම සදහායි ඇය මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණියේ.
ඇය ඊයේ (29) පස්වරුවේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ EK-654 ගුවන් යානයෙන් ට කටුනායක ගුවන් තොටුපළට ළඟා වූ අතර "ගෝල්ඩ් රූට්" විශේෂ අමුත්තන්ගේ පරිශ්‍රයේදී ඇයව උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.
මෙම අවස්ථාවට 2024 ලෝක රූ රැජින තරගාවලියේම දෙවන ස්ථානය හිමිකරගත් ලාංකීය විවාහක රූ රැජින ඉෂානි අමන්දා, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ, තරගාවලියේ පුහුණුකරු රුක්මාල් සේනානායක ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රය වෙත පැමිණ සිටියා.






