lan englan tam

පුවත්

‘ශ්‍රියන්ත .. අඩසියවසක රංග යාත්‍රිකයා’ ඇගයුම් උළෙල (ඔක්තෝබර් 25)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අඛණ්ඩව 50 වසරක් මුළුල්ලේ ශ්‍රි ලාංකේය වේදිකාවේ, සිනමාවේ හා පුංචි තිරයේ සම්මානිත නිර්මාණකරණයක යෙදෙන අසහාය රංගවේදියා, ශ්‍රියන්ත මෙන්ඩිස් අගයමින් පැවැත්වෙන සුවිශේෂී ඇගයුම් උළෙලක්,

2025 ඔක්තෝබර් 25 වන සෙනසුරාදා, සවස 6.30, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී කලාකරුවන් සහ රසික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.

ප්‍රවීණ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ජන්ම දිනය ද, විවාහ සංවත්සරය ද ඔහුගේ රංගන දිවියට පනස් වසරක් පිරෙන මෙම ඔක්තෝබර් 25 දින යෙදී තිබීම ද විශේෂත්වයක්.

මෙදිනට, ශ්‍රියන්ත මෙන්ඩිස් චරිතාපදානය සහ ඔහුගේ නිර්මාණකරණය පිළිබඳ සැකසුනු විශේෂ වීඩියෝ නිර්මාණයක් ද එළිදැක්වෙන අතර, මුඛ්‍ය දේශනය අචාර්ය නුවන් නයනජිත් විසින් පවත්වන්නට නියමිතයි.

එමෙන්ම සහෝදර කලාකරුවන්ගේ රැඟුම්, ගැයුම් හා නර්තනාංග ඇතුළු ප්‍රසාංගික අංග රැසකින් මෙම උළෙල වර්ණවත් වනු ඇති.

ඔබ ආදරය කරන මේ සුවිසෙස් රංගනවේදියා වෙත ඇගයුම් පිදෙන මෙම උත්සවයට සහභාගී වන මෙන් ඔබ සැමට සංවිධායක මණ්ඩලය විවෘත ආරාධනාවක් කොට සිටිනවා.

 

මතු දැක්වෙන්නේ පසුගියදා Siyatha TV රූපවාහිනී නාලිකාව සමඟ මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රවීණ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් සහභාගී වූ රූපවාහිනී වැඩසටහනයි.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom