ලාංකීය විශිෂ්ඨ සාහිත්‍යවේදී, චින්තක, අනූපස් වන වියේ පසුවන අචාර්ය ගුණදාස අමරසේකරයන් වෙත බුහුමන් දක්වනු වස්,
ගුණදාස අමරසේකර ප්‍රත්‍යාවලෝකනය - (2025),
2025 නොවැම්බර් 13 බ්‍රහස්පතින්දා, ප.ව 3.30 ට, කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයයේ (BMICH) රූබි ශාලාවේ දී පැවැත්වෙනවා.
උත්සවයේ මුලසුන හොබවන්නේ අතිපූජ්‍ය බෙංගමුවේ අනනා හිමිපාණෝ ය.
මෙදිනට තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමිපාණෝ, සුනිල් සරත් පෙරේරා, මහාචාර්ය ජයන්ත අමරසිංහ සහ ගෙවිඳු කුමාරතුංග අදහස් දැක්වීමට නියමිත ය.
උත්සවය සංවිධානය කරනු ලබන්නේ චින්තන පර්ෂදය සහ කියවන නුවණ විසිනි.
පස්වරු 03.15ට පෙර අසුන් ගන්නැයි සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි.





