lan englan tam

පුවත්

ඉන්දියාවේ ඉහළම මලයාලම් සිනමා සම්මාන උළෙලේදී ප්‍රසන්න විතානගේ සම්මානයට පාත්‍ර වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලාංකීය ප්‍රවීණ සිනමාකරු ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය හා තිර රචනය කළ “Paradise” චිත්‍රපටය,

පසුගියදා(03) ඉන්දියාවේ තිරුවන්දපුරම් හීදී පැවති 55 වන කේරළ ප්‍රන්ත සිනමා සම්මාන උළෙලේදී  සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වුවා.

මෙහිදී වසරේ විශිෂ්ටතම කතා සංකල්පයට හිමි (Best Story) සම්මානය “Paradise” චිත්‍රපටයේ කතාව වෙනුවෙන් ප්‍රසන්න විතානගේට හිමිවූවා.

එමෙන්ම ජූරියේ විශේෂ සම්මාන දිවිත්වයක් ද හිමිවූ අතර, මෙයින් එක් සම්මානයක් “Paradise” චිත්‍රපටය වෙනුවෙන් හිමිවූ අතර, අනෙක් සම්මානය “Paradise” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඉන්දීය රංගන ශිල්පිනී දර්ශනා රාජේන්ද්‍රන් හට හිමි වූවා.

මෙවර, 55 වන වරට පැවැති කේරළ ප්‍රන්ත සිනමා උළෙල මලයාලම් සිනමාවේ 2024 වර්ෂයේ විශිෂ්ඨතම සිනමා නිර්මාණ අගයමින් පැවැත්වුණු අතර, ඉන්දීය - ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වූ “Paradise” චිත්‍රපටය වෙනුවෙන් මෙසේ සම්මාන හිමි විය.

“Paradise” සිනමා පටය මීට පෙර ද ජාත්‍යන්තර සිනමා උලෙළ රැසකදීම ඇගයුමට ලක්ව ඇති අතර 2023 වසරේදී දකුණු කොරියාවේ බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ජීසොක් (JESEOK) සම්මානයද “Paradise” චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් ප්‍රසන්න විතානගේ දිනා ගන්නා ලදී.

මූලාශ්‍රය - cinema lk

kemadasa

Back to top
Go to bottom