ශ්‍රී ලාංකේය සිනමාවේ විශිෂ්ඨතම චිත්‍රපට දහය අතරෙහිලා සැලකෙන ‘පරසතුමල්’ හා ‘තුං මං හන්දිය’ චිත්‍රපට නිෂ්පාදනයකළ චිත්‍රා බාලසූරිය මහතා අද (30) දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 94 වන වියේ පසු වූ අතර මේ වන විට මෙරට ජීවත්ව සිටි ජ්‍යෙෂ්ඨතම චිත්‍රපට නිෂ්පාදකවරයා වූයේ ද චිත්‍රා බලසූරියයි.
සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගේ ප්‍රථම අධ්‍යක්ෂණය වන "පරසතු මල්”(1966) චිත්‍රපටය සහ සාහිත්‍ය ශූරී මහගම සේකරයන් අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය වන "තුන් මං හන්දිය"(1970) චිත්‍රපටය නිෂ්පාදනය කරමින් අද්විතීය සිනමා කෘති දෙකක් සිනමාවට තිළිණ කළ චිත්‍රා බාලසුරිය මහතා මෙරට චිත්‍රපට නිෂ්පාදකවරුන් අතර ගෞරවණීය සලකුණක් සටහන් කරනු ලැබීය.
චිත්‍ර බාලසූරිය මහතාගේ දේහය හෙට (දෙසැම්බර් 01) උදේ 9 ට බෙල්ලන්විල කර්නල් පෙරේරා මාවතේ පිහිටි නිවසේ තැන්පත් කිරිමට නියමිත අතර අවසන් කටයුතු එදිනම සවස 3 ට නැදිමාල සුසාන භමියේදී සිදුකෙරෙනු ඇත.
තොරතුරු - Aruna Gunarathna




