අඛණ්ඩව 11වැනි වරටත් සංවිධානය කෙරෙන ලංකාවේ පැවැත්වෙන එකම අන්තර්ජාතික සිනමා උලෙළ වන "යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ"(Jaffna International Cinema Festival), 2025 අද(දෙසැ.30) සිට ආරම්භ වෙනවා.
උළෙලේ සමාරම්භක උත්සවය අද(30) සවස 6.00ට යාපනය තිරුවලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී (Jaffna Thiruvalluvar Cultural Centre) පැවැත්වීමට නියමිතයි.
උළෙලේ ආරම්භ වන්නේ සම්මානනීය ඉන්දීය සිනමාකරු ප්‍රදීප් කුරුබාගේ ‘The Elysian Field’ (02:03:00 | 2025 | ඉන්දියාව) සිනමාපටය ප්‍රදර්ශනයෙනි.
මෙවර යාපනය සිනමා උළෙල 2026 ජනවාරි 04 දක්වා පැවැත්වෙන අතර,
මෙවර උලෙළේදී චිත්‍රපට 60කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒවාට දීර්ඝ චිත්‍රපට, වාර්තා චිත්‍රපට සහ කෙටි චිත්‍රපට ඇතුළත් වේ. සහභාගී වන රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉරානය, ඉතාලිය, ජපානය, නේපාලය, පාකිස්තානය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයයි.
උලෙළෙහි සිනමා දර්ශන යාපනයේ කාර්ගිල්ස් චතුරස්‍රයේ රීගල් සිනමාශාලාව (Regal Cinemas-Cargills Square), කලාම් - සංස්කෘතික හමුවීම් සඳහා අවකාශය (Kalam - A Space for Cultural Encounters) සහ යාපනය තිරුවලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී (Jaffna Thiruvalluvar Cultural Centre) පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා.
උළෙලේ ප්‍රදර්ශනය වන චිත්‍රපට හා වේලාවන් පිළිබඳ විස්තර 'Jaffna International Cinema Festival' නිල ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් දැන ගත හැකියි.




