හොලිවුඩයේ අලුත්ම චිත්රපටය Pirates Of The Caribbean: Dead Men Tell No Tales චිත්රපටය මේ මස 26 වන දින එළි දැක්වීමට නියමිතව තිබුණත් එම චිත්රපටය සයිබර් හොරුන් පිරිසක් විසින් සොරාගෙන ඇතැයි වාර්තා වනවා.
ඔවුන් එය ලබා දීම සඳහා කප්පම් මුදලක් ද ඉල්ලා ඇති බවයි ඩිස්නි සමාගමේ ප්රධාන විධායක නිලධාරී බොබ් ඊගර් හෙළි කර තිබෙන්නේ.
අදාළ කප්පම් මුදල නොලැබුණහොත් මේ චිත්රපටය අන්තර්ඡාලය හරහා එළිදක්වන බවටත් කප්පම්කරුවන් තර්ජනය කර තිබෙන බවත් සඳහන් වනවා.
පසුගිය සිකුරාදා එල්ල වූ සයිබර් ප්රහාරයෙන් අමෙරිකාව, චිනය, රුසියාව, බ්රිිතාන්යල ඇතුලු රටවල් 150කට පමණ බලපැම් එල්ල විය.
රැන්සම්වෙයාර් නැමැති පරිඝණක වෛසරසයක් හරහායි මෙම සයිබර් ප්රහාරය එල්ල වී තිබේ.