ලෙටීෂියා බොතේජු ගේ කතාවක් ඇසුරින් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් නිර්මාණය කරන ලද ‘අලි කතාව’ චිත්‍රපටය මැයි මස 18 වැනි දින සිට EAP මණ්ඩලයේ සිනමාහල් වල ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ වගේම මැයි 18 සහ 19 දර්ශණ සදහා අවුරුදු 12න් පහළ දුවා දරුවන්ට කිසිදු ගාස්තුවක් අය කෙරෙන්නේ නැහැ.
අවුරුදු දෙකහමාරක් වයසැති රාජු නම් අලි පැටවා සමග කෞෂල්‍ය ප්‍රනාන්දු, යෙහානි හංසිකා යන ළමා නළු නිළි දෙපළ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන අතර සෙසු චරිත සඳහා රංගන දායකත්වය සපයා ඇත්තේ රවීන්ද්‍ර රන්දෙණිය, ධනංජය සිරිවර්ධන, තාරුකා වන්නිආරච්චි, ගිරිරාජ් කෞෂල්‍ය, රොඩ්නි වර්ණකුල, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, විල්සන් ගුණරත්න සහ දීපානි සිල්වා යන ශිල්පීන්.
කැමරාව චන්න දේශප්‍රියගෙනි. කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්තය. සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රියගෙනි. නිෂ්පාදන කළමනාකාරිනිය මනෝහාරි හේවාවසම් ය. වේෂ නිරූපණය හර්ෂ මංජුලගෙනිs. වස්ත්රාභරණ තිළිණ හෙට්ටිගමගේ ය. දෘෂ්‍ය ප්‍රයෝග චත්‍ර වීරමන්ගෙන්ය. නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහගෙනි. සංගීතය රෝහණ වීරසිංහය. ගීත ගායනා කරන්නේ නන්දා මාලිනිය, රොඩ්නි වර්ණකුල සහ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයේ 2012 ජනප්‍රියම ගායන තරුව වූ ඉරෝෂන් මධුසංඛ සහ 2015 ජනප්‍රිය ගායන තරුව වූ විදුෂා නේත්රාංජලීය. සිප්වින් චිත්‍රපට වෙනුවෙන් අලි කතාව නිෂ්පාදනය කරන්නේ "මහරජ ගැමුණු" චිත්‍රපටයෙන් 2015 විශිෂ්ටතම නිෂ්පාදකයා ලෙස සරසවි සම්මාන ලැබූ ගුණපාල රත්නසේකරය.
අලි කතාවේ වැඩි විස්තර alikathawa.com යන වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
“එකමත් එක කාලෙක අපේ රටේ එකමත් එක රජ කෙනෙක් රාජ්‍ය පාලනය කරා.
රට වැසියන් සතුටින් ජීවත් වුනත් රජුත් බිසවත් නිතර සිටියේ දුකෙන්. ඒ ඔවුන්ට දරුවෙක් නෙමැති කම නිසයි.
මේ අතර රට වැසියෝ රජුගේ සහ බිසවගේ පස් වැනි සංවත්සරය මහ ඉහළින් සමරන්න සූදානම් වුනා. නැටුම් ගැයුම් වලට ප්‍රසිද්ධියට පත්ව තිබුණු කින්නරකරුවන් නැටුම් කණ්ඩායමක් ද ගෙන්වීමට කටයුතු සූදානම්කරා . මෙම නැටුම් කණ්ඩායම මහ වනය මැදින් යද්දී ඔවුන්ගේ නඩේ ගුරා බීමත්ව විප්‍රකාර කරන්නට වුණ නිසා කුපිත වූ වන අලි ඔවුන්ට පහර දුන්නා.
සියල්ලෝ හිස් ලූ ලූ අත දුවන්නට වුණා. කුඩයක බහා සිටි සිය දරුවා සියතට ගන්ට ගිය මවක් ද දිවයන පිරිසට මැදිව ක්ලාන්තව ඇද වැටුනා.
ප්‍රහාරය සඳහා පැමිණි වන අලි යළි වනය තුළට යන අතර කුඩයේ හුන් දරු පැටවා හඬන්ට විය. ඇත් පෙළේ හුන් ඇතින්නියකට ඒ ළදරුවා කෙරෙහි සෙනෙහසක් හට ගත්තා. ඇතින්න ළදරුවා සහිත කුඩය පිට මත තබාගෙන වනයට යන්න ගියා.
මේ නිසා අතරමං වූ දරු පැටියාත් අලි පැටියාත් නිරුපද්‍රිතව වැඩෙන්නට පටන් ගත්තා....
කතාවේ ඉතිරි කොටස චිත්‍රපටයෙන් නරඹමු ….
සබැඳි පුවත්
අලෝකෝ උදපාදී ට පසුව ’අලි කතාව'