lan englan tam

පුවත්

ජනප්‍රිය නළු නිළියන් රැසක් සමගින් “ගගන” ළඟදීම! | (trailer)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිල්මිනී තෙන්නකෝන්, ක්ලීටස් මෙන්ඩිස්, ඩිලානි අබේවර්ධන,විශ්ව කොඩිකාර,.. ඇතුලු ප්‍රවිණ සහ ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායකවන “ගගන” චිත්‍රපටය ළගදීම තිරගත වීමට නියමිතයි.

චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය ද මේ වන විට නිකුත් කොට තිබෙනවා.

 

gagana i 4

 

‘ගගන’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ තරුණ සිනමා නිර්මාණකරුවෙකු වන නිපුන මහර්ෂි විසින් වන අතර මෙය ඔහුගේ කුළුඳුල් වෘත්තාන්ත සිනමා නිර්මාණයයි.

මෙහි තිර පිටපත රචනා කළේ ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක හා තිර රචක ලක්ෂ්මන් පුෂ්පකුමාර විසින් වන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂක නිපුන මහර්ෂි ඔහුගේ පුත්‍රයායි. 

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ කේ. ටෙනිසන් පෙරේරා විසින්.

ඉතින්  නුදුරේදීම ‘ගගන’ චිත්‍රපටය රිදී තිරයේ දැනගන්නට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වනු ඇති.

 

"ගගන" චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පිවිසෙන්න පහළින්>>

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom