නව ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් සියලු ආයතනයන්හී සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට වහාම ඉවත්වන ලෙස පවසා ඇතැයි නියෝජ්‍ය ජනමාධ්‍ය ඇමති කරූ පරණවිතාන මහතා ඔවුන්ට දැනුම්දී ඇතැයි වාර්තාවේ.
ජාතික රූපවාහිනිය, ස්වාධින රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ලේක්හවුස් ආයතනය ඇතුළු සියලු රාජ්‍ය මාධ්‍ය මේ අතරට ගැනේ.
මේ අනුව ස්වාධීන රූපවාහිනී අධ්යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වන බව අද (24) පෙරවරුවේ ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට දැනුම්දුන් බව එම නාලිකාවේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා පවසා ඇත.
ඒ ස්වාධීන රූපවාහිනී අධ්යක්ෂ මණ්ඩලය ඊයේ (23) රැස්වූ අධ්යක්ෂ මණ්ඩලය විසින් ගනුලැබූ තීරණයක් බවද පැවසේ.
සම්ප්‍රදායට අනුව අලුත් අමාත්‍යවරයකු පත්වූ විට ඔහුගේ අභිමතයට අනුව සභාපතිවරු හා අධ්යක්ෂරු පත්කිරීම සිදුවෙන බව සමන් අතාවුදහෙට්ටි මහතා පවසා ඇත.