එංගලන්තය කළඹමින් මැන්චෙස්ටර් හි රඟහලට බෝම්බ ප්රහාරයෙන් අනතුරුව ලෝක ප්රසිද්ධ ගායිකා Ariana Grande ගේ ලෝක සංචාරය අවලංගු කිරීමට ඇය පියවර ගෙන තිබෙනවා.
ප්රහාරය එල්ලවන අවස්ථාවේ එහි පැවති ප්රසංගය Ariana Grande ගේ ප්රසංගයක්.
කෙසේ වෙතත් අදාළ ප්රහාරයෙන් තමන් බලවත් කම්පනයකට පත්ව ඇති බව ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
තම රසික රසිකාවියන් මියයෑම සහ තුවාල ලැබීම තමන්ට දැඩි සිත් වේදනාවක් මෙන්ම කම්පනයට ලක්වූ සිදුවීමක් බවද ඇය එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ඇමෙරිකන් ගීත දර්ශක වල මෙන්ම යුරෝපීය ගීත දර්ශක වලද අංක එක ස්ථානයේ රැඳී සිටින Ariana Grande හෙට දිනයේද එංගලන්තයේ ප්රසංගයක් සංවිධානය කර තිබුනා.
කෙසේවෙතත් එම ප්රසංගය අවලංගු කර ඇති අතර මේ වනවිට සිටින දැඩි කම්පන තත්වය අනුව ලොව පුරා පැවැත්වීමට නියමිතව තිබූ ප්රසංග මාලාවක් අවලංගු කර ඇති බවයි ඇයගේ කළමනාකාරීත්වය නිවේදනය කර ඇත්තේ.
අරියානාගේ ප්රසංගයක් අවසානයේ පිපිරීමක් 19 දෙනෙක් මියයයි