කිසිම උත්සවයක් හෝ කිසිවකු දැනුවත් නොකරම නව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (25) පෙරවරු 7.30ට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී වැඩ බාරගෙන තිබේ.
මෙම වැඩ බාරගැනීමේ අවස්ථාවට අමාත්‍යවරයාගේ සොයුරිය වන ජයන්ති ගුණවර්ධන හා තවත් නිලධාරීන් කිහිපදෙනෙකු පමණක් සහභාගිවී විශේෂත්වයකි.මෙලෙස කිසිවකු දැනුවත් නොකරම වැඩ බාර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මංගල සමරවීර මහතා ප්‍රකාශ කලේ
මේ අලුත් ආණ්ඩුවක් නොවන බවත් මේ ආණ්ඩුව පත්වූයේ 2015 ජනවාරි 08 වැනිදා බවත්, තමා ලබා ඇත්තේ ස්ථාන මාරුවක් පමණක් බවයි.