බොලිවුඩයේ ජනප්‍රිය නේපාල ජාතික නිළි මනීෂා කොයිරාල යළිත් කරළියට එමට සුදානම් වන පුවතක් ඉන්දිය මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා.
ඒ ඇයගේ දායකත්වය ලැබෙන්නේ රාජ් කුමාර් හිරාණිගේ Dutt චිත්‍රපටයටයි.
සංජේ දත්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරෙන එහි මනීෂා සංජේගේ මව වන හින්දි සිනමා ඉතිහාසයේ මෙතෙක් බිහිවූ එක් අග්‍රගණ්‍ය රංගන ශිල්පිණියක් නාර්ගීස් දත්ගේ චරිතයට පණ පොවන්න සූදානම් බවටයි වාර්තා වන්නේ.
මේ වෙනුවෙන් ඇය නාර්ගීස් ගැන වෙනම අධ්‍යයනයක් කරලා. ඇය පිළිබඳ ලියවුණු ලිපි හා කෘති සොයා ගෙන ඒවා පරිශීලනය කරමින් නාර්ගිස් ඇසුරු කර ඇති අය ගෙන්ද තොරතුරු විමසා ඒ සඳහා සුදානම් වන බව වාර්තා වනවා.
නාර්ගිස් පිළිබඳ ලියවී ඇති කෘති සියල්ල මනීෂාට ලබා දීමටත් නාර්ගීස්ගේ දියණිය ප්‍රියා දත් කටයුතු කර තිබෙනවා. ඒ වගේම මනීෂා පවසා ඇත්තේ අධ්යක්ෂ හිරානි දත් පවුල පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කර ඇති බැවින් අධ්යක්ෂවරයාගේ උපදෙස් අනුව ද රංගනය සාර්ථකව සිදුකරීමේ හැකියාව පවතින බවයි.
නාර්ගීස්ගේ චරිතයට කළ ආරාධනාවට එකඟත්වය පළ කරන්නට මුලදී මැළිවී තිබුණා ඒ 90 දශකයේදී සංජේ දත්ගේ පෙම්වතිය ලෙසින් මනීෂා රඟපෑ නිසයි. කොහොම නමුත් රාජ් කුමාර් හිරාණි නාර්ගීස්ගේ චරිතය වෙනුවෙන් මනීෂාගේ කැමැත්ත ලබා ගන්න සමත් වෙලා.
නාර්ගීස් මදර් ඉන්ඩියා චිත්‍රපටිය