අග්‍රගණ්‍ය සිංහල කවියෙකි, නවකතාකරුවෙකි, කලා ඉතිහාසඥයෙකි, කලා විචාරකයෙක් ද වන සිරි ගුනසිංහ මහතා අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.
නිදහස් සිංහල කවියේ නැඟීම උදෙසා තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ ඔහු සිංහල භාෂාවේ ද්විරූපතාව අවම කරමින් කට වහරේ ව්‍යාකරණය ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ලේඛනය සඳහා යොදාගැන්මේ පුරෝගාමියෙක් ද විය. එසේම හෙවනැල්ල නවකතාව සහ සත් සමුදුර චිත්‍රපටය වැනි නිර්මාණ එතුමන්ගේ කලා දිවියේ වැදගත් සන්ධිස්ථාන විය.
එසේ ම ලේඛනයේ දී මූර්ධජ ණ සහ ළ අක්ෂර ඉවත ලූ ඔහු සිය නම භාවිත කරනුයේ ගුණසිංහ වශයෙන් නො ව ගුනසිංහ වශයෙනි
මියයන විට මහාචාර්ය සිරි ගුනසිංහ මහතා කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ වික්ටෝරියා නගරයේ පදිංචිව සිටියේය.