13 වෙනි වරටත් සංවිධාන කරනු ලබන රයිගම් ටෙලි සම්මාන උළෙල දින නියමයකින් තොරව කල් දමා ඇතැයි වාර්තා වේ.
මේ මොහොතෙහි මුහුණ දී සිටින අවාසනාවන්ත, ශෝකජනක තත්වය සලකා බලා ඒ දෙස මානුෂීයව කල්පනා කරමින් උළෙල දින නියමයක් නොමැතිව කල් දැමූ බව එහි ප්රධාන විධායක ආචාර්ය රවි ලියනගේ විසින් ප්රකාශ කොට තිබේ.
රයිගම් ටෙලි සම්මාන උළෙල නෙළුම් පොකුණ රගහලේදී ජුනි 3වන සෙනසුරාදා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රදානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණි.