මෙවර 70 වැනි වතාවට පැවැත්වූ කෑන්ස් (කාන්) සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි ‘රන්වන් තල් පත’ සම්මානය (පාම් ඩිඕර්/පාම් දෝර්) දිනාගන්නට සමත් වූයේ ස්වීඩනයයි. ස්වීඩන් ජාතික සිනමාකරු රූබන් ඔස්ට්ලන් ගේ ‘ද ස්ක්වෙයා’ 'The Square' චිත්‍රපටය මෙම මාහැඟි ගෞරවය මෙවර දිනාගත්තේය.
ක්ලේයස් බැන්ග් නමැති අති දක්ෂ ස්වීඩන නළුවා මේ චිත්‍රපටය සමග එක් වන්නේ කෞතුකාගාර අධ්‍යක්ෂකවරයෙකුගේ චරිතයෙනි. කෑන්ස් ජුරි සභාවේ සභාපති” ස්පාඤ්ඤ චිත්රපටකරු පෙදේරා් අල්මොදෝවා මේ චිත්‍රපටය දේශපාලන නිවැරදිභාවයේ ‘ඒකාධිපතිත්වය’ සහ එයට කොටු වී සිටිනවුන්ගේ ඉරණම පිළිබඳ විමසා බලන සෝපාහාසයක් බව පැවසුවේය.
“මෙහි තේමාව ඉතාම බුද්ධිමත්. සෝපහාසයෙන් යුතුයි. ඒ අතරම හාස්‍ය ජනකයි. මේ සියල්ලම මධ්‍යයේ අපට ඉතාම වැදගත් වන පැනය එය විසින් විමසා බලනවා” යැයි ජූරිය හේතුපාඨ දක්වමින් පැවසුවේය. මෙම ජූරි සභාවේ සාමාජිකයන් අතර ඇමරිකානු හොලිවුඩ් සිනමාවේ පතාකයන් වන විල් ස්මිත් සහ ජෙසිකා චැස්ටේන් ද වෙති.
සාමාන්‍යයෙන් කෑන්ස් වැනි සිනමා සම්මාන උළෙලකදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය මෙබඳු සළරුවක් විසින් විසින් දිනාගැනීම විශේෂ දෙයක් බව විචාකරයෝ පවසති.
යුනියන් සොල්දාදුවෙක් දකුණුදිග දැරියකගේ පාසලේ හැංගී සිටීමේ කතා පුවත රැගත්, 1971 සිවිල් යුද්ධය තේමාකරගත් ‘ද බෙගුයිල්ඩ්’ චිත්‍රපටය වෙනුවෙන් සොෆියා කොපොලා හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මානය දිනා ගත්තාය. මෙම චිත්‍රපටය 1971 වසරේ ක්ලින්ටන් ඊස්ට්වුඩ් විසින් එම නමින්ම නිර්මාණය කළ චිත්‍රපටයේ නැවත නිර්මාණයකි. මේ අතර සොෆියා කොපොලා විසින් මෙතෙක් සිදුකළ සියලු නිර්මාණ අතරින් වඩාත්ම ස්ත්‍රීවාදී නිර්මාණය ලෙස සැලකෙන්නේ ද මෙම චිත්‍රපටයයි. තවද හැත්තෑ වසරක කෑන්ස් සිනමා ඉතිහාසයේ කාන්තාවක් විසින් මෙසේ හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මානනීය වන්නේ දෙවැනි වතාවට ය. පළමු වතාවට කාන්තාවක් විසින් මෙම සම්මානය දිනාගත්තේ සෝවියට් සංගමයේ නාසි ව්‍යාපාරය පිළිබඳ 1961 වසරේදී තැනූ ‘ක්‍රොනිකල් ඔෆ් ෆ්ලේමිං ඉයර්ස්’ චිත්‍රපටය වෙනුවෙන් රුසියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂිකා යුලියා සොල්න්ත්සේවා විසිනි.
අමාලි ජයවීර
-lankanewweb-