ඉන්දියාවට එරෙහිව විශිෂ්ට ජයග්රහණයක් වාර්තා කරමින් ශුරයන්ගේ ලෝක කුසලානය තමන් සතු කරගැනීමට පකිස්තාන ක්රිකට් කණ්ඩායම 18 ඉරිදා සමත් විය.
ක්රිකට් ක්රීඩාව දේවත්වයෙන් සලකනු ලබන ඉන්දියාව ලැබූ පරාජය සම්බන්ධයෙන් එරට ක්රීඩා ලෝලීන් විවිධ අදහස් සමාජ ජාලා ඔස්සේ ප්රකාශ කර තිබුණි.
දැවැන්ත පරාජයක් හමුවේ වුවද ඉන්දීය ක්රිකට් නායක වීරත් කෝලි සිනා මුසු මුහුණින් පකිස්ථාන කණ්ඩායමට සුබ පැතුම් එක් කළේය.
“ මම පකිස්ථාන ක්රිකට් කණ්ඩායමට සුබ පතනවා. තරගාවලිය තමන් දෙසට හරවා ගනිමින් ඉතා අපුර්ව අන්දමින් ක්රීඩා කළ අකාරය පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ ඉහල හැකියාව යි. නැවතත් ඔවුන් ඒ බව ඔප්පු කර පෙන්නුවා. කලකිරීමක් තියෙනවා නමුත් අවසාන තරගය දක්වා පැමිණෙන්නට අපි හොඳින් ක්රීඩා කළා,” යනුවෙන් ඔහු ප්රකාශ කළේය.
කෙසේ වෙතත් පකිස්ථාන කණ්ඩායමේ මෙම ජයග්රහණය බොලිවුඩ් නළු නිලියන් ද මවිතයට පත් කර ඇති බව සමාජ ජාලා වෙත ඔවුන් එක් කර තිබූ අදහස් අනුව පෙනෙන්ට ඇත.
රන්විර් සින්, වරුන් ධාවන්, සිද්ධාර්ත් මල්හෝත්රා, සුශ්මිතා සෙන්, අනුපම් කේර්, රිෂි කපූර් සහ තවත් බොහොමයක් බොලිවුඩ් තාරකාවන් ජයග්රාහකයින්ට සුබ පැතුම් එක් කර තිබූ අතර ඉන්දීය කණ්ඩායම ක්රීඩා කළ ආකාරය ප්රශංසාවට ලක් කර තිබුණි.