2010 වසරේ නොබෙල් සාම ත්‍යාගලාභි චීන ජාතික ලියෝ ෂියාබෝ සිය දිවියෙන් සමු ගෙන තිබේ.
මිය යන විට 61 වෙනි වියේ පසු වූ ඔහු එරට මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදය පිළිබඳ ප්රමුඛ පෙළ නීතිවේදියෙකු සහ විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු විය.
විප්ලව චෝදනා ලබා වසර 11 ක් බන්ධනාගාරගත කර සිටි ඔහු, අක්මා පිළිකා රෝගයකට ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහල් ගත කර සිටි අවස්ථාවේ 13 බ්‍රහස්පතින්දා මිය ගොස් ඇත.
ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහුට විදේශගත වීමට අවසර ලබා දෙන ලෙස බටහිර රාජ්‍යයන් සහ මානව හිමිකම් සංවිධාන චීනයෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
ඔහුගේ මරණයට චීනය වගකිව යුතු බව නොබෙල් කමිටුව පවසා ඇත. කෙසේ නමුත් චීනයට එරෙහිව නැගෙන ජාත්‍යන්තර විවේචන එරට රජය ප්‍රතික්ෂේප කරයි.
සාමකාමී දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි ලියෝ ෂියාබෝ ඉහළ ගෞරවයට ලක් වූ ලේඛකයෙකු මෙන්ම දේශපාලන චින්තකයෙකි.