ඇවිදින මළ මිනිසුන් නැතිනම් සොම්බි, සිනමා ශෛලියක් ලෙසින් කර්මාන්තයට හඳුන්වාදුන් ඇමරිකන් ජාතික සිනමාකරුවකු වූ ජෝර්ජ් රොමෙරෝ සිය ජිවිතයෙන් සමුගෙන ඇත.
77 හැවිරිදි ඔහු මියගොස් ඇත්තේ පෙනහළු පිළිකාවකිනි.
ඔහු විසින් අධ්යක්ෂණයෙන් සහ සහය තිර රචනයෙන් දායක වූ 1968 තිරගත කළ “නයිට්ස් ඔෆ් ද ලිවින්ග් ඩේඩ්” සිනමාපටය සොම්බි කතා මාලාවක ආරම්භකයා බවට පත්විය.
එම සිනමාපටයට සමගාමිව නව නිර්මාණ රැසක් සහ අනුකරණ රැසක් බිහි විය.
Night Of The Living Dead තිරගත වූ කාලවකවානුවේදී මිලේච්ඡ ලක්ෂණ වලින් සමන්විත බවට සඳහන් කරමින් එම නිර්මාණය කොතෙකුත් විවේචන එල්ල කළ ද අද වනතෙක් අවුරුදු ගණනාවක් ගත වනතුරු සිනමාවට නැතිවම බැරි ශෛලියක් එක් කළ චිත්රපටයක් බවට පත් විය .
ඒ අවදියේදී සොම්බි යන නම භාවිත නොකළ අතර මිනි මස් අනුභව කරන නැවත ජිවය ලද මළ මිනිසුන් යන නම භාවිත කළහ.පළමු සිනමාපටවලදී සොම්බි හැඳින්වුයේ වුඩු මන්ත්ර වලින් පණ ලදවුන්ලෙසටය.