බොලිවුඩ් තාරකාවන්ගේ සිහින රාත්‍රිය, 18 වැනි IIFA සිනමා සම්මාන උළෙල ඇමරිකාවේ නිව්යෝක් හි දී පැවැත්වුණි.
ඉතාමත් සුන්දර ඒ සන්ධ්‍යාව වර්ණවත් කිරීමට සල්මාන් කාන්, කත්රිනා කායිෆ්, ෂහිඩ් කපූර් සහ ඔහුගේ බිරිඳ මීරා රාජ්පුත්, ආලියා බාත්, සොනක්ෂි සිංහා, වරුන් ධාවන්, ශිල්පා ෂෙට්ටි, බිපාෂා බාසු ඇතුළු සුපිරි බොලිවුඩ් තරු එක් වී සිටියහ.
ඔවුන් සිය අපුරු නර්තනයන් සහ රංගනයන් ප්‍රේක්ෂකයා වෙත මෙවරත් ඉදිරිපත් කර තිබුණි.
මේ වසරේ සම්මාන උළෙල මෙහෙයවනු ලැබුවේ සිනමා නිර්මාණකරු කරන් ජොහාර් සහ සයිෆ් අලි කාන් විසිනි.
පසුගිය වසරේ තිරගත වූ සිනමා නිර්මාණ අතුරින් සෝනම් කපූර් රංගන දායකත්වය ලබාදුන් “නිර්ජා” හොඳම චිත්‍රපටය උදෙසා වන සම්මානය හිමි කරගන්නා ලදී.
හොඳම නළුවා බවට පත්වුයේ ෂහිඩ් කපූර් ය. ඒ ඔහු “උද්තා පන්ජාබ්” හි රඟ පෑ චරිතය වෙනුවෙනි.
එම චිත්‍රපටය උදෙසා හොඳම නිළිය සම්මානය ද හිමි විය. එය දිනාගනු ලැබුවේ ආලියා බාත් විසිනි.
“පිනක්’ සිනමාපටය වෙනුවෙන් අනිරුද්රෝයි චවුද්රි හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මානය හිමි කරගත්තේය.
IIFA උළලේ හිමි වූ සම්මාන
හොඳම පසුබිම් ගායිකාව- කණිකා කපූර්- උදිත් පන්ජාබ් චිත්‍රපටය සහ තුල්සි කුමාර්- එයා ලිෆ්ට් චිත්‍රපටය.
හොඳම පසුබිම් ගායකයා- අමිත් මිශ්රා-යේ දිල් හේ මුශ්කිල් චිත්‍රපටය.
හොඳම පද රචනය-අමිතාබ් බාට්චර්යා-යේ දිල් හේ මුශ්කිල් හි චන්නා මෙරේ යා ගීතය සඳහා.
හොඳම ගීත අධ්‍යක්ෂණය- ප්‍රිතම්- යේ දිල් හේ මුශ්කිල් චිත්‍රපටය.
හොඳම විකට රංගනය වරුන් ධාවන් දිශුම් චිත්‍රපටය.
IIFA උළලේ වසරේ කාන්තාවට හිමි සම්මානය තාප්සේ පානු දිනා ගත්තාය.
https://mirrorarts.lk/news/1524-iifa#sigProIdaa3a7bf18e