ඔස්කාර් සම්මාන උළලේ දී විදෙස් භාෂා සිනමා නිර්මාණ සඳහා පිළිගැනීමක් ලබා දීමට අවශ්‍ය නම් ඇකඩමිය විසින් විදෙස් සිනමාපට වර්ගීකරණය තවත් පුළුල් කළ යුතු බව බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා පවසයි.
Motion Picture of Arts & Sciences ඇකඩමිය විසින් වාර්ෂිකව ඔස්කාර් සිනමා සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. ලොව පුරා සුදුසුකම් ලත් සිනමා නිර්මාණකරුවන් සඳහා ඇකඩමියේ සාමාජිකත්වය පිරිනැමෙන අතර ප්‍රියංකා චොප්රා ඔවුන් විසින් පත්කළ නවතම සාමාජිකයෙකි.
“ ලොව පුරා වෙසෙන විවිධ සිනමා නිර්මාණකරුවන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව ඔවුන්ට මම ස්තුතිවන්ත වනවා. සාමාජිකයන්ගෙන් ඔවුන් අදහස් විමසා සිටිනවා. එහිදී මම කියන්න කැමතියි විදෙස් භාෂා නිර්මාණ සඳහා එක වර්ගීකරණයක් පමණක් තිබීම ප්‍රමාණවත් නැහැ කියලා,”
“ලොව පුරා විවිධ නිර්මාණ මේ සඳහා එකතු වනවා. ඉන්දියානු සිනමාපට පවා විශාල ප්‍රමාණයක් තිබෙනවා. එක් නිර්මාණයක් ජයග්‍රහණය කලොත් අනෙක් නිර්මාණවලට අවස්ථාව නැති වනවා. මම කියන්නේ මෙහි අවස්ථාවන් ප්‍රමාණය ඉතාමත් අවමයි කියලා. ඉතින් මේ කාරණාව වෙනස් වෙන්න අවශ්‍යයි. මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා,”
ඇකඩමියේ සාමාජිකත්වය ලද අනෙකුත් බොලිවුඩ් තාරකාවන් ලෙස අමිතාබ් බච්චන්, අමීර් කාන්, අයිශ්වර්යා රායි බච්චන්, ගෞතම් ගුස්, බුද්දාදෙබ් දස්ගුප්තා , සල්මන් කාන්, ඉර්ෆාන් කාන් සහ දීපිකා පදුකෝන් හඳුන්වන්නට පුළුවන්.