කෘර වද හිංසාවට ලක් කර ඝාතනය කළ මිනිසුන්ගේ මළ සිරුරු නගරය පුරාවට මතුවෙයි. විමර්ශන වලින් තහවුරු වන විදියට නම් මේ සියල්ල පිටුපස සිටින්නේ ජෝන් ක්රමර් නම් පුද්ගලයෙකි. නමුත් එය විය හැකි ද ? ජිග්සෝ නමින් හඳුන්වන මෙම පුද්ගලයා මියගොස් දශකයකට වඩා වැඩි කාලයකි.
ත්රාසය භීතිය සපිරි නිර්මාණයක් වූ “ Saw” හි නවතම සිනමාපටය ලෙස “Jigsaw” හැඳින්වෙනවා.
නිකුත් වීමට නියමිත මෙම සිනමාපටයේ ට්රේලර්පටය ඊයේ නිකුත් වුණා.
තවත් දෙයක් තමයි වයස අවුරුදු 18 න් පහල ඒවගේම කම්පා කරවන සුළු දර්ශන නැරඹිය නොහැකි පිරිස මෙම චිත්රපටය නොබලා ඉන්න එක වඩාත් සුදුසුයි.
ජිග්සෝ අධ්යක්ෂණය මිචෙල් ස්පිරිග් සහ පීටර් ස්පිරිග් විසින්.
ලෝරා වැන්දවෝර්ට්, ටෝබින් බෙල්, කිත් රෙනී, මැට් පැස්මෝ,හැනා එමිලි ඇතුළු රංගන ශිල්පින් රැසක් මේ සඳහා රංගන දායකත්වය ලබා දෙනවා.
ජිග්සෝ නැරඹීමට නම එළැඹෙන ඔක්තෝබර් 27 වනතෙක් ඉන්නට සිදු වේවි.