ජාත්‍යන්තර උසස් නිර්මාණයන් සඳහා භාවිතා කරන ඩිජිටල් HD (High Definition) තාක්ෂණ පහසුකමින් යුත් දැවැන්ත මැදිරි සංකීර්ණය හා TTV ෂොපින් නාලිකාව පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය දින කොළඹ 5/34, TTV නෙට්වර්ක් පෞද්ගලික ආයතනයේ දී පැවැත්විය.
මෙම සංකීර්ණය සඳහා සියලු නවීන උපකරණ, කැමරා හා අනෙකුත් තාක්ෂණික උපාංග හා සංස්කරණ මැදිරිය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන්නේ කොරියානු ජාතික පාක් චං යොං මහතාගේ මැදිහත්වීමෙනි. ඒ සඳහා දේශීය හා විදේශීය අරමුදල් රුපියල් මිලියන 200ක් පමණ වැයවන බව TTV නෙට්වර්ක් ආයතනය මාධ්‍යයට අවධාරණය කරන ලදී.
මෙම මැදිරි සංකීර්ණය සුවිශාල මැදිරි දෙකකින්ද, හඬ කැවීම් මැදිරි, සංස්කරණ මැදිරි හා කුඩා ශ්‍රවනාගාර මැදිරි කීපයකින් සමන්විත වන අතර එය ඉන්දියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව තුළ සිදුකරණ ජාත්‍යන්තර ටෙලි සිනමා නිර්මාණයන්ට හා සමාන තාක්ෂණයන්ගෙන් සමන්විතය.
මෙම මැදිරි සංකීර්ණය ඉදිවීමත් සමග ශ්‍රී ලංකාව තුළ පවතින මැදිරි සංකීර්ණයන්හි අඩුපාඩුවට යම්කිසි දුරට දායකත්වයක් ලැබෙනු ඇති අතර. කලාකරුවන්, රූපවාහිනී නාට්‍ය අධ්‍යක්ෂවරුන්ට හා ටෙලි නිර්මාණ සඳහා එකම පරිශ්රයක සිට සේවාවන් භුක්ති විඳීමට ඉඩකඩ සැලසෙනු ඇත.
කොරියානු ප්‍රධාන වෙළද නාලිකාවක් වන C.J. Home Shopping Chanel හා TTV ව්‍යාපාරික නාලිකාව සමග ව්‍යාපාරික හවුල්කාරීත්වයෙන් සිදුකිරීමට නියමිත මෙම වෙළඳ නාලිකාව ලෝකයේ පිළිගත් සන්නාම සහිත සුවිශේෂී භාණ්ඩ හා සේවා අන්තර්ජාලය, ජංගම දුරකථන හා WWW.TTV.LK වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් පමණක්ම ශ්‍රී ලාංකික පාරිභෝකයන් වෙත ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් ඉතා දුර්ලභ භාණ්ඩ හා සේවා අත්පත්කර ගැනීමක් අත්විඳීමට හැකියාව උදාකර දීම TTV ෂොපින් නාලිකාවේ අරමුණවී ඇත.
TTV නෙට්වර්ක් මැදිරි උපයෝගීකොට සියලු වෙළද දැන්වීම් නිෂ්පාදනය කිරීම හා එම භාණ්ඩ පිළිබද අදහස් යෝජනා පටිගත කර මෙම නාලිකාව වෙබ් යූටියුබ් ඔස්සේ හා ගෙවන රූපවාහිනී ජාලයන් තුළ (Pay TV) මුදාහැරීමට කටයුතු සම්පාදනය වන අතර TTV ෂොපින් නාලිකාව හඳුන්වාදීම ශ්‍රී ලංකාව තුළ සිදු කරනුයේ ප්‍රථමවරටය.
එමෙන්ම ඒ රටවල පවතින භාණ්ඩ හා සේවා 20,000ක් පමණ ශ්‍රී ලාංකිකයන්ට ලබාගැනීමේ පහසුව TTV ෂොපින් නාලිකාව භාවිතා කරන පාරිභෝගිකයන් වෙත පමණක් හිමිවනු ඇත. එපමණක් නොව ශ්‍රී ලංකාවේ ව්‍යාවසායකයන් පිළිබඳ වාර්තා වැඩසටහන් හා නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ රූපවාහිනී වැඩසටහන්, මුදල් අයකිරීමකින් තොරවම TTV ෂොපින් නාලිකාව තුළ පළකර ගැනීමට හැකිවන අතර ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙන යාමට TTV නෙට්වර්ක් ආයතනය මැදිහත් වන බවද දන්වා සිටියි.
TTV නෙට්වර්ක් ආයතනය වෙනුවෙන් අධ්යක්ෂ අනුර චන්ද්‍රසිරි, කළමනාකාර අධ්යක්ෂ බන්දුල විතානාරච්චි, අධ්‍යක්ෂක කොරියානු ජාතික හී හං ජොං මහතා හා කොරියානු උපදේශිකා හී වෙං මහත්මිය හා මෙහෙයුම් කළමනාකාරිණී ෆාමීඩා බුලත්සිංහල ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන ලදී.
මෙම ව්‍යාපෘතිය සුවිශේෂීවීමට බලපාන ප්‍රධාන කරුණ අතර,
1. දකුණු කොරියානු ආකෘතියේ චිත්රාගාරයක් එම අයුරින්ම ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී ප්රතිනිර්මාණයවීම
2. එම ආයතනයේ තාක්ෂණික උපාංග හා විශේෂඥ ඥානය මුළුමණින්ම දකුණු කොරියාවෙන් ලැබීම
3. ඉහත හේතූන් නිසා ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට දකුණු කොරියාවට හෝ සිංගප්පූරුවට ගමන් කොට ලබාගත හැකි ලෝක මට්ටමේ සහ අන්තර්ජාතික ප්‍රමිතියේ සේවාවක් ලංකාවේදීම මෙරට මිලට ලබාගත හැකිවීම.
4. ප්‍රථම වරට කොරියානු, ඉන්දියානු, චීන සහ සිංගප්පූරු අත්දැකීම ලාංකීය පාරිභෝගිකයාට එකම ආයතනයකින් ලැබීම
5. ආර්ථික සම්පත් හිඟ කලා ලෝකයේ ශිල්පීන්ට හවුල් ව්‍යාපාර ලෙස ස්වකීය නිර්මාන ඩිජිටල්කරණීය කරගත හැකිවීම
6. ප්‍රථම වරට ආර්ථික කටයුතු පමණක් විකාශනය වන ජාත්‍යන්තර තලයේ දේශීය නාලිකාවක් බිහිවීම
7. ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ට හා නව නිපැයුම්කරුවන්ට අන්තර්ජාතික ප්‍රසිද්ධියක් ලබාදීම.