සන්ථව ප්‍රකාශන ආයතනය මඟින් සංවිධානය කළ සන්ථව කාව්‍ය විචාර සම්මාන උත්සවය පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පසුගිය වසරේ ප්රකාශනයට පත් වූ කාව්‍ය කෘති පදනම් කරගනිමින් නූතන විචාරක විචාරිකාවන් රචිත විචාර අතරින් තෝරා ගැනුණු විචාර එකොළහක් සඳහා සම්මාන සහතික ප්රදානය සිදු විණ.
උළලේදී වසරේ හොඳම කාව්‍ය විචාරය ලෙස සම්මානය දිනාගනු ලැබුවේ ලක්ශාන්ත අතුකෝරල ලියූ සමහර කමටහන් කෘතිය ඇසුරින් දර්ශිකා සෞම්‍ය ජයකොඩි ලියු “සමහර කමටහන් ගැඹුරින් සංස්පර්ශයක” නමැති විචාරයටය.
එහිදී මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් “නූතනම සිංහල කවිය පිළිබඳ වින්දනාලෝචනය” මැයෙන් ප්‍රධාන දේශනයක් ද පවත්වන ලදි.
එසේම ඔහුගේ “කවියෙහි කවිතාවය සහ සාරාර්ථය” කෘතිය ද එදින එලි දැක්විණි.