ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ දරුණු “හාවී” සුළි කුණාටුව නිසා අවතැන් වුවන්ට සහනාධාර වශයෙන් මුදල් පරිත්‍යාග කිරීමට එරට සුපිරි තාරකාවන් රැසක් ඉදිරිපත් වී තිබේ.
හොලිවුඩ් රංගන ශිල්පී ලියනාඩෝ ඩිකැප්රියෝ ඩොලර් මිලියනයක් අවතැන් වූ ජනතාවට ලබා දී ඇත.
අලුතින් ස්ථාපනය කළ යුනයිටඩ් වේ හාවී රිකවරි ෆන්ඩ් වෙත ඔහුගේ එම පරිත්‍යාගය ලබා දීමට කටයුතු කර තිබේ. ලියනාඩෝ ගේ උදාරත්වය වෙනුවෙන් තමන් සැබවින්ම ස්තුතිවන්ත වන බව එම අරමුදල ප්‍රකාශ කර ඇත.
රංගන ශිල්පිනි සැන්ඩ්‍රා බුලොක් ද ඇමරිකානු රතු කුරුස සංවිධානය වෙත ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර තිබේ.
එසේ මුදල් ලබා දුන් තවත් තරු කිහිපයක් අපි මෙසේ සඳහන් කර සිටින්නෙමු.
කාඩිෂියන් පවුල ඩොලර් ලක්ෂ පහක්
ක්‍රිස් බ්‍රවුන් ඩොලර් ලක්ෂයක්
ක්‍රිස් යන්ග් ඩොලර් ලක්ෂයක්
කෙවින් හාට් ඩොලර් 50,000 ක්
ඩ්වේන් ජොන්සන් (රොක්) ඩොලර් 25,000 ක්
ජෙනිෆර් ලෝපේස් සහ ඇගේ පෙම්වතා ඇලෙක්ස් රොද්‍රිගු එකතුව ඩොලර් 50,000 ක්
TI ඩොලර් 25,000 ක්
ජෙන්සන් ඇක්ල්ස් ඩොලර් 50,000 ක්
නිකි මිනාජ් ඩොලර් 25,000 ක්
DJ කාලිඩ් ඩොලර් 25,000 ක්
ද චේන්ස්මොකර්ස් ඩොලර් 30,000 ක්
සිය රසිකයන් අසරණ වූ අවස්ථාවේ ඔවුන්ට උපකාර කිරීමට නොපැකිලිව ඉදිරිපත් වීම පිළිබඳව ඔවුන්ට බොහෝ දෙනාගේ ප්‍රසංශාව හිමි වී තිබේ.