Mirrorarts-ගීතා කුමාරසිංහ මහත්මිය තම නිවසේ ගෑස් කාන්දුවීමකින් පසු හටගත් ගින්නකින් පිලිස්සුමකට ලක්වී නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් හි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව මිරර් ආර්ට්ස් කළ විමසීමකදී ප්‍රවීණ රංගන ශිල්පිණියක් වූ මාලිනී ෆොන්සේකා මහත්මිය පැවසීය.
ගීතා කුමාරසිංහ මහත්මියගේ මුහුනට කිසිඳු හානියක් සිදුව නැති බවත් ඇයගේ දෑත් යම් ප්‍රමාණයක් පිලිස්සීමකට ලක්ව ඇති බවත් ඇය මේ වනවිට හොඳින් සිටිනා බවත් ඇය පැවසීය. එමෙන්ම ඇය විශේෂ ඉල්ලීමක් ද කරන්නට අමතක නොකළේය.
සිදුවූ මෙම හදිසි අනතුර පිළිබඳ වෙබ් අඩවි විවිධ පුවත් විවිධ අයුරින් පළ කළ හැකිබවත් එහෙයින් නිවැරදි දේ සොයා බලා සත්‍ය වාර්ථා කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියාය.
ගීතා සිය දියණිය ට රාත්‍රී ආහාර සකසා දීමට සූදානම් වෙද්දී ඇතිව තිබූ ගෑස් කාන්දුවීමක් නිසා මෙම අනතුර සිදුව තිබේ.
අපි ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.
සබැඳි පුවත් http://mirrorarts.lk/news/1805-2017-09-02-09-01-33