අග්‍රගණ්‍ය බොලිවුඩ් රංගන ශිල්පී අමිතාබ් බච්චන් සිය ට්විටර් අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 29 ඉක්මවා ඇති බව අපිට වාර්තා වුණා.
ඉන්දීය සිනමාවේ උන්නතිය උදෙසා සුවිශාල දායකත්වයක් ලබා දුන් ඔහු සමාජ මාධ්‍ය ජාල තුල ක්‍රියාකාරී චරිතයක් නමින් ප්රකටය.
සිය පෞද්ගලික මෙන්ම සමාජයේ සිදු වන විවිධ දේ පිළිබඳව තම රසිකයන් උදෙසා නිරතුරුවම අදහස් පල කිරීමට අමිතාබ් කටයුතු කරයි.
ට්විටර් සමාජ ජලයේ මිලියන 29 ක කඩයිම පසු කිරීමට උපකාරී වූ රසික ප්‍රජාවට සිය ස්තුතිය පුද කිරීමටත් ඔහු අමතක නොකළේය.
74 හැවිරිදි අමිතාබ් ස්වකිය බ්ලොග් අඩවියක් ආරම්භ කළ අතර නිරතුරුව එහි අදහස් පල කිරීම ද සිදු කළේය. බ්ලොග් අඩවියක් ආරම්භ කළ පළමු බොලිවුඩ් තාරකාව වන්නේ ඔහුය.