ප්‍රවීණ මාධ්‍යවේදී හා දේශපාලන විචාරක කුසල් පෙරේරා මහතා ගේ නවතම කෘතිය වන ‘රාජපක්ෂ : ද සිංහල සෙල්ෆි’ (Rajapaksa : The Sinhala Selfie ) සැප්තැම්බර් 12දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිතය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිංහල නායකයකු ලෙස දකුණේ තහවුරුවූයේ කෙසේද යන්න පිළිබඳව මේ පොතෙන් මතුවන බවත්, එය තමාගේ දේශපාලන කතාව තම යුගයේ දේශපාලනය සම්බන්ධ ලියවුණ එකක් යයිද කුසල් පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.
සිංහල දෙමළ ගැටුම සන්නද්ධ ගැටුමක් දක්වා වර්ධනය වූයේ කෙසේද යන්න ද මෙ පොත තුළ කතා කරන බවත්, තට්ටු තුනකට ලියූ කතා තුනක් එක පොතකට කැටි කිරීමක් ලෙස මෙය දැක්විය හැකියයි ද ඔහු කියා සිටියේය.
මේ පොතේ ප්‍රධාන චරිතය මහින්ද රාජපක්ෂ මහතා බවත් මෙහි දුෂ්ඨයකු නැතැයි ද කී කුසල් පෙරේරා මහතා මෙහි ඇති වෙනස එය බවද පැහැදිළි කළේය.