හැත්තෑව දශකයේදී නීල් රූපසිංහගේ ලස්සන කෙල්ල චිත්‍රපටයෙන් සිනමාවට පැමිණි ඇයව ඒ යුගයේ බොහෝ මාධ්‍ය විසින් හැඳින්වූයේ සිනමාවේ ලස්සනම නිළිය කියලා. දශක ගණනක් පුරා සරල විනෝදාත්මක සිනමාව තුළ මෙන්ම සම්භාව්‍ය සිනමාවේත් රැඳී සිටි ඇය අප කවුරුත් හොඳින් දන්නා ගීතා කුමාරසිංහයි. සිනමා දිවියට දශක ගණනක් ගෙවී ගියත් එදා ඈ තුළ තිබූ සුන්දරත්වය තවමත් ඒ වගේමයි. නව යොවුන් පරපුර සමග රියැලිටි වැඩසටහන් තුළ තරග කොට ජය ගන්නට තරම් තාරුණ්‍යයක් තමා සතු බව මේ මෑතකදීත් ඇය ඔප්පු කළා.
පහුගිය දවසක අපිට ගීතා කුමාරසිංහ ගැන ආරංචි වුණේ කනගාටුදාක සිදුවීමක්.
ගීතාගේ ගෙදර ගෑස් සිලින්ඩරේ පුපුරලා ගීතාව පිච්චිලා ප්‍රයිවට් හොස්පිට්ල් එකකට අරගෙන ගිහින්. මේ වෙද්දි අයි.සී.යු. එකේ ඉන්නවාලු.
ආරංචිය අහාපු හැමෝම කම්පා වුණේ දෛවයේ අකාරුණික බලපෑමට ගීතාගේ සොඳුරු රුව විනාශ වෙලා ගියාද කියලා. වෛද්‍ය උපදෙස් මත කිසිවකුට ඇයව බලන්නට ඉඩ නොදීම නිසා ගීතා ගැන තොරතුරක් දැන කියා ගන්නට කාටවත් ක්‍රමයක් තිබුණෙත් නැහැ. ඒ නිසා අපි ගීතාගේ නැගණිය වන නයනා කුමාරසිංහට කතා කරලා ගීතාගේ වර්තමාන තත්ත්වය ගැන තොරතුරු විමසා සිටියා.
වේච්ච අනතුරින් අක්කාගේ මුණට කිසිම අනතුරක් සිදුවෙලා නැහැ. අතකුයි කකුලකු විතරයි පිච්චිලා තියෙන්නේ. අක්කා බොහොම හොඳින් ඉන්නවා. වෛද්‍ය උපදෙස් මතයි තවම අයි.සී.යු. එකේ ඉන්නේ. අක්කා හරිම ශක්තිමත් හිතක් තියෙන කෙනෙක්. මොන දේ වුණත් වැටෙන්නේ නැහැ. අනතුර සිදු වූ වෙලාවෙත් උඩ තට්ටුවේ ඉඳන් පහළට දුවගෙන ඇවිත් අපි හැමෝටම කෝල් කරලා වෙච්ච දේ ගැන කියලා මාව හොස්පිට්ල් ගෙනියන්න කියලා කිව්වත් අක්කා ඒ වෙලාවේ ඉඳන් අක්කා. තවමත් හොඳ මානසික මට්ටමක ඉන්නවා.
නයනා කී ආරංචිය ගීතාගේ රසික පිරිසටත් සුභ ආරංචියක් වෙයි. පහුගිය 4 වැනිදා හවස බෙල්ලන්විල රජ මහා විහාරයේදී ගීතා කුමාරසිංහ වෙනුවෙන් බෝධි පූජාවක් හා ආශිර්වාද පූජාවක්ද පැවැත්වුණා. මාලනී ෆොන්සේකා, සෝනියා දිසා, ජීවන් කුමාරතුංග, ෂෙරින් කුමාරතුංග, උදාරි වර්ණකුලසූරිය, නිල්මිණි තෙන්නකෝන්, සේමිනි ඉද්දමල්ගොඩ, විනු උදානි, අනුෂා දමයන්ති, අනෝජා වීරසිංහ, රොබින් ප්‍රනාන්දු, නදීකා ගුණසේකර, සචිනි අයේන්ද්‍රා, ඩග්ලස් සිරිවර්ධන, යශෝධා විමලධර්ම, සංගීතා වීරරත්න,දයාන් විතාරණ, පද්මසිරි කොඩිකාර ඇතුළු කලාකරුවන් රාශියක් වගේම නයනා, ධම්මිකා, කෝකිලා හා දිනුෂා යන ගීතාගේ නැගණියන්ද ගීතාට ඉක්මන් සුවය පතන්නට එදා එකතුවී සිටියා.
ආරියවංශ කුලතිලක