නැඟෙනහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හා තමිල් මක්කල් විඩුතලෙයි පක්ෂයේ නායකයා වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, මඩකළපුව බන්ධනාගාරයේ සිටියදී රචිත 'වේඩ්කෙයි' හෙවත් 'සිරෙයි පයනන් කුරිප්පුගල්' 9 සෙනසුරාදා එලි දැක්විණි.
ඒ මඩකළපුව චෙල්වනායගම් ශාලාවේදී ය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි ජෝශප් පරරාජසිංහම් ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන වසර දෙකක් පුරා බන්ධනාගාරයේ රඳවා සිටින පිල්ලෙයාන් මඩකළපුව බන්ධනාගාරයේ සිටියදී මේ කෘතිය රචනා කර තිබේ.
පොතෙහි පළමු පිටපත මඩකළපුව ශිව ශ්‍රී ශිවකුමාර් කුරුක්කල් විසින් පිල්ලෙයාන්ගේ මවට හා පියාට පිළිගන්වනු ලැබුවේය.
මේ අවස්ථාවට නැඟෙනහිර පළාත් සභා මන්ත්‍රි තෙරවියම් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.