මංජුල වෙඩිවර්ධනගේ අටවැනි කවි එකතුව “සුළඟට අවනතව” නමින් නිකුත් වී තිබේ.
සම ප්රකාශනයක් ලෙස එලි දැක්වුණු කෘතිය කවි 38 කින් සමන්විතය.
මිට විසි වසරකට පෙර එනම් 1997 දී සිය සහෘද ෂේන් මැකෙල්වී හා එක්ව නිරුත්තර සමාධිය නමින් තම පළමු කවි එකතුව නිකුත් කළේය.
පිළිහුඩුවී, මධු සඳිනි මධුවිත, මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි, ඇහැළ ඇමතුමකට ඇහැරෙමි, නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුලක, පිටුවහල් පිටු මිට පෙර ඔහු අතින් නිමවුමු කෘතීන් ය.
“සුළඟට අවනතව” ග්‍රන්ථය සමඟ මංජුල විසින් 2011 දී නිකුත් කෙරුණු “ශුද්ධ වූ ජුදාස් කෙටි කතා සංග්‍රහයේ 2 වැනි මුද්‍රණය ද නිකුත් වී තිබේ. ඒ අහස ප්රකාශනයක් යටතේ ය.