49 වැනි වතාවට පැවැත්වෙන මෑන් බුකර් සම්මාන සම්මානයේ අවසන් වටය සඳහා නිර්දේශිත කෘති 6 අද (13) ප්රකාශයට පත් කෙරුණි.
ෆියෝනා මොස්ලේගේ “එල්මට්”, එමිලි ෆ්රිඩ්ලුන්ඩ්ගේ “හිස්ට්රි ඔෆ් වුල්ව්ස්”, පොල් ඔස්ටර්ගේ “4 3 2 1”, ජෝර්ජ් සන්ඩර්ස්ගේ “ලින්කන් ඉන් ද බර්ඩෝ”, අලි ස්මිත් “ඕටම්”, මොසින් හමීඩ්ගේ “එක්සිට් වෙස්ට්” යන ග්රන්ථ මේ අතර වේ.
සිය ප්රථම නවකතාවන් වෙනුවෙන් ෆියෝනා මොස්ලේ සහ එමිලි ෆ්රිඩ්ලුන්ඩ් පවුම් 50,000 ක වටිනාකමකින් යුත් සම්මානය සඳහා නිර්දේශ වී ඇත.
ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි ගේ දෙවැනි නවකතාව වන “ද මිනිස්ට්රි ඔෆ් අට්මෝස්ට් හැපිනස්” මෑන් බුකර් සඳහා නිර්දේශිත ග්රන්ථ 13 අතර රැඳී සිටිය ද අවසන් වටය සඳහා තෝරා ගත් කෘති අතරට පැමිණීමට සමත්ව නැත.
2016 ඔක්තෝබර් 1 සිට 2017 සැප්තැම්බර් 30 දක්වා එක්සත් රාජධානිය තුළ ප්රකාශයට පත් වූ ග්රන්ථ 144 ක් අතුරින් එම ග්රන්ථ තෝරා පත් කරගෙන ඇත.
ජයග්රාහී කෘතිය ඔක්තෝබර් 17 වැනිදා ප්රකාශයට පත් කිරීමට නියමිතය.