චතුරිකා සිරිසේන විසින් රචිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනපති ධුරය දක්වා පැමිණි දේශපාලන ගමන් මඟ සහ ඒ අතරතුර සිරිසේන පවුල විසින් මුහුණ දුන් අත්දැකිම් මුල් කරගනිමින් “ජනාධිපති තාත්තා” කෘතිය සැප්තැම්බර්15 වැනිදා උදෑසන 7.30ට බණ්ඩාරනායක ජත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී එලිදැක්වීමට නියමිතය.
ඒ නිමිත්තෙන් චතුරිකා සිරිසේන සමඟ 'mirrorarts.lk' සංස්කාරීකා මනෝහාරී හේවාවසම් සිදු කල කතාබහකි මේ.
මට සුන්දර ළමා කාලයක් තිබුණු ඒ එක්කම කාලය ගතවී යද්දී අපි ජීවිතේ විවිධ බාධාවන්ට මුහුණ දුන්නා. මම පළමු වසරට ඇතුලත් වෙද්දී හැමෝම සුදු ඇඳුමෙන් ඇවිත් හිටියේ. නමුත් මම පාසල් ගියේ පාට අඳුමකින්. මට පාසලේ විශාල කාලයක් ගතකරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඇතැම් අවස්ථාවල පාසල් යන්න පුළුවන් කමක් නැහැ 89 භීෂණයත් එක්ක තමයි මගේ ඒ අවධිය ගෙවෙන්නේ.
ඒ වකවානුවෙන් මිදේද්දී මගේ ඊළඟ අධ්‍යපාන හා උසස් අධ්‍යාපනය වෙනකොට මගේ ජීවිතයේ හොඳම කාලය තුළ මම දැක්කේ යුද්ධය. යුද්ධයක් එක්ක අපි හෙම්බත් වුනා. මමත් එක්ක පාසල් ගිය මගේ යාලුවෝ, දරුවෝ සියයට අනු පහක් පමණ උදේට ඉස්කොලේ එන්නේ රාත්‍රියේ කැලේ ඉදලා. මොකද රාත්‍රියට කොටි ගහනවා. ගමේ මිනිස්සු දරුවෝ නිදාගත්තේ කැලේ. මේ හැමැ දෙයක් එක්කම අපේ ජීවිත ගැටුනා. අපේ ජීවිත ඇතුලෙත් විශාල ගැටීම්, පෙරළිම් සිදුවුණා.
සම්පුර්ණ සාකච්ඡාව වීඩියෝවෙන් නරඹන්න.